Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජාතික තේරීම් කමිටුවට අලුත්ම නම් 4 ක්

ජාතික තේරීම් කමිටුවට අලුත්ම නම් 4 ක්

දමින්ද විජේසූරිය - 2021 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා අලුත්ම නාම යෝජනා 4 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩා ඇමතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබ තිබේ. එහි සභාපතිවරයා වශයෙන් හිටපු ටෙස්ට් ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා යෝජනා වී තිබේ. 

ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන් සංඛ්‍යාව 5 කි. 

ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයන් වන චමින්ද මෙන්ඩිස් සහ බ්‍රෙන්ඩන් කුරුප්පු යන මහත්වරු ඉවත්ව යාමට නියමිතය. ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති අසන්ත ද මැල් මහතා ඉල්ලා අස්වීමෙන් පසුව සභාපතිවරයාගේ පුරප්පාඩුව ඇතිවූ අතර සාමාන්‍ය වශයෙන් සෑම වසරකදීම මාර්තු මාසයේදී නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කිරීම සම්ප්‍රදායයි. 

නව තේරීම් කමිටුවට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු විශිෂ්ටතම පිතිකරුවකු මෙන්ම 1996 ලෝක කුසලාන දිනූ කණ්ඩායමේත් කැපී පෙනෙන ක්‍රීඩකයකුද ඇතුළත්ය. අනෙක් දෙදෙනාත් හිටපු දක්‍ෂ පිතිකරුවන් වන නමුත්  අන්තර්ජාතික තරග බිමේදී සුවිශේෂී යමක් කළ අය නොවෙති. එහෙත් ඔවුන් සියලු දෙනාම ප්‍රවීණ ක්‍රීඩකයෝ වෙති. 

ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබා මේ වන විට වසර 40 කි. ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් තරගය පවත්වා (1982 දී) මේ මස 17 වැනිදාට වසර 39 ක් සම්පූර්ණ වන නමුත් තේරීම් කමිටුවට යෝජනා කරන ලද නම් අතර ටෙස්ට් වරම් නොලද ක්‍රීඩකයෝ දෙදෙනෙක්ද සිටිති. 


අදහස් (0)

ජාතික තේරීම් කමිටුවට අලුත්ම නම් 4 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.