ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සමග තරුණ ක්‍රීඩකයන් මුසුකරමින් අනාගතයට ශක්තිමත් කණ්ඩායමක් නිර්මාණ කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් ප්‍රතිපත්තිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පැවසීය.
ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී අද (29 වැනිදා) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ජයසූරිය මහතා මෙසේ පැවසීය.
”එක්දින තරගවලදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සමග තරුණ ක්‍රීඩකයකු හෝ දෙනෙකු බැගින් ඇතුළත් කරමින් කණ්ඩායම කළමණාකරණය කරමින් ඉලක්කය කරා යෑමට අපි බලාපොරොත්තු වෙනවා. තරුණ ක්‍රීඩකයා පිතිකරුවකු හෝ පන්දු යවන්නකු වියහැකියි. ඔහුට අවස්ථාව දෙන්න ඕනේ දස්කම් පෙන්වන්න”
සිම්බාබ්වේ සංචාරයේදී තරුණ ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් ලැබෙයි ද යන්න පිළිබඳව කළ විමසුමේදී සභාපතිවරයා මෙසේ පැවසීය.
”සිම්බාබ්වේ සංචාරය ශ්‍රී ලංකාවෙන් පිටතදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියක්, ඒ නිසා එහිදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ උපරිමය ලබා ගන්න කටයුතු කළ යුතුයි. තරුණ ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් ලැබෙයි කියල හිතන්න බෑ”
දකුණු අප්‍රිකානු සංචාරයේදී ජෙහාන් මුබාරක් කැඳවීමටගත් තීරණය පිළිබඳව නැගූ ප්‍රශ්නයට තේරීම් කමිටු සභාපතිවරයා මෙසේ පිළිතුරු සැපයීය.
”මැතිව්ස් නොමැතිවීම නිසායි මුබාරක් කැඳවන්න සිදුවුණේ. අවාසනාවට ලකුණු අතරට ආවේ නෑ, පන්දු රැකීමේ දුර්වලතාත් දැක්කා. එවැනි දේ විය හැකියි. අපේ අතිනුත් වැරදි වෙන්න පුළුවන්, ඒ නිසා ඒ පිළිබඳව අපිත් සෑහීමකට පත්වෙන්නේ නෑ”
‘‘අපිට ඉන්නනේ මහේල, සංගා සහ ඩිල්ෂාන් යන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තිදෙනායි. තරුණ ක්‍රීඩකයන් කණ්ඩායමට යොමු කිරීමේදී 100% ක්ව නිවැරදි දේ නොවෙන්න පුළුවන්’’
”රොෂේන් සිල්වා ‘ඒ’ සංචිතයට ඇතුළත්ව නොවීම ගැන මාධ්‍යවල පළවී තිබුණා. මම එහිදී ද කිව්වේ අපි ඒ ක්‍රීඩකයා අතහැර නෑ. නමුත් ඔහුගේ තාක්ෂණික ප්‍රශ්නයක් නිවැරදි කර ගැනීමට අවස්ථාව දී තිබෙනවා”
”ඒ වගේම ජීවන් මෙන්ඩිස්ට බොහෝ අවස්ථාව දුන්නා. මේ වන විට ඔහු දස්කම් අතර නෑ. දැන් දස්කම් දක්වන ක්රීඩකයකුට ඔහුගේ අවස්ථාව දුන්නා”
මෙම මාධ්‍ය හමුවට තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් වන හෂාන් තිලකරත්න, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, එරික් උපශාන්ත සහ චමින්ද මෙන්ඩිස් යන මහත්වරු ද සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.