Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් කී‍්‍රඩාව තුළ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් පාලනය කිරීමට නොහැකි තත්ත්වයකට ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් සංගමය පත්ව තිබෙන බව එහි සභාපති සුරාජ් දන්දෙනිය මහතා පවසයි.මෙරට බැඞ්මින්ටන් කී‍්‍රඩාවට එක්තරා කී‍්‍රඩක පවුලකින් දැඩි බලපෑමක් එල්ලවන බවත්, බැඞ්මින්ටන් කී‍්‍රඩාවේ සියලූ වරප‍්‍රසාද සහ දීමනා එම පවුල අතර බෙදී යෑම නිසා ජාතික මට්ටමේ සිටින සෙසු කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මහත් අපහසුතාවකට පත්ව සිටින බවද දන්දෙනිය මහතා කියා සිටියි.
එම ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් තම තමන්ට අවැසි පරිදි මෙරට බැඞ්මින්ටන් කී‍්‍රඩාව හැසිරවීමට උත්සහ ගැනීම නිසා නවක කී‍්‍රඩකයන්ට ඉදිරියට ඒමට ඇති අවස්ථාවද ඉතා අල්ප බව සභාපතිවරයා පවසයි.ඊට උදාහරණ දක්වමින් දන්දෙනිය මහතා කියා සිටියේ විශාල මුදලක් ගෙවා ජාතික පුහුණුකරුවකු ලෙස මෙරටට ගෙන්වාගත් මැලේසියානු ජාතික ශන්කර් අන්නාමලෙයි මහතාට විවිධ තාඩන පීඩන කරමින්, මරණ තර්ජන පවා එල්ල කරමින් බියගන්වා නැවතත් ඔහුට මැලේසියාවට යැවීමට තරම් මෙම ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් කටයුතු කළ බවයි.
ශන්කර් අන්නාමලෙයි මහතා ජාතික පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවට පැමීණීමෙන් පසු කණිෂ්ඨ කී‍්‍රඩකයන් කෙරේ වැඩි සැළකිල්ලක් දැක්වීමත්, එම කණිෂ්ඨ කී‍්‍රඩකයන් ජාත්‍යන්තර මට්ටමේ ජයග‍්‍රහණ කරා රැගෙන යෑමත් නිසා ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් ඔහුට විරුද්ධව කටයුතු කිරීමට පෙළඹුණ බවද දන්දෙනිය මහතා තවදුරටත් කියා සිටියේය.
සචින් ඩයස්, බුවනෙක ගුණතිලක සහ තිළිණි හෙන්දහේවා වැනි කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ ජාත්‍යන්තර දස්කම් පසුපස සිටි ශන්කර් අන්නාමලෙයි මහතා සමග මෙම ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් විරසක වීමට තවත් හේතුවක් ලෙස දන්දෙනිය මහතා පෙන්වා දෙන්නේ එම කණිෂ්ඨ කී‍්‍රඩකයන්ගෙන් පසු කලෙකදී තමන්ට අභියෝගයක් එල්ල විය හැකි බවට ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් බියෙන් සහ සැකයෙන් පසුවීම බවයි.
මෙම ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට තවමත් තම සංගමයට නොහැකි වී ඇත්තේ එම විනය කමිටුවට ඇතුළත් වීමට නිලධාරීන් නොමැති වීම නිසා බව පවසන දන්දෙනිය මහතා ඊට හේතුව ලෙස කියා සිටින්නේ බැඩ්මින්ටන් නිලධාරීන් පවා ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන්ට බියෙන් පසුවීම බවයි.
ඉතුක් වසරේ ශ්‍රී ලංකාවේදී පැවැති ජාත්‍යන්තර බැඞ්මින්ටන් තරගාවලියකදී ශ්‍රී ලංකා කී‍්‍රඩකයන් දෙදෙනකු අතර පැවැති තරගයකදීද මෙම ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් හිතුවක්කාර ලෙස තරග නීතිරීති උල්ලංගණය කරමින් කටයුතු කළ අයුරු දක්නට ලැබිණ.එම තරගාවලියේ නීතිරීති වලට අනුව ශ්‍රී ලංකා කී‍්‍රඩකයන් දෙදෙනකු තරග වදින අවස්ථාවක ඔවුන්ට සහය දැක්වීම සඳහා කිසිදු පුහුණුකරුවකුට ඔවුන් අසලට යෑම තහනම් වුවත්, එක් අන්තයක කී‍්‍රඩා කළ කී‍්‍රඩකයකුගේ වැඩිමහල් සොහොයුරෙකු (මෙම කී‍්‍රඩකයාගේ සොහොයුරාද බැඞ්මින්න් කී‍්‍රඩාවේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයෙකි) එම කී‍්‍රඩකයා අසලට පැමිණ ඔහුට සහය දක්වන අයුරු දැකගත හැකිවිය.
අනෙක් අන්තයේ සිටි කී‍්‍රඩකයා කිසිවකුගේ සහයක් නොමැතිව කී‍්‍රඩා කළ අතර එම තරගයෙන් ඔහු පරාජයට පත් විය. ඔහුගේ පුහුණුකරුවා ලෙස කටයුතු කළ ශන්කර් අන්නාමලෙයි මහතා තරගාවලියේ නීතිරීති වලට ගරු කරමින් එම තරගයේදී ඔහුට සහය දැක්වීමෙන් වැලකී සිටීම ඔහුගේ පරාජයට හේතු වූවා යැයිද ඇතමෙක් පැවසූහ.
එම තරගයෙන් ජය ලැබූ කී‍්‍රඩකයාගේ සොහොයුරා පෙනි පෙනීම තරග නීතිරීති කඩ කළ අකාරය දක්නට ලැබුණද ඔහුට විරුද්ධව පියවර ගැනීමට සංවිධායකයෝ අපෙහොසත් වූහ. මෙයින්ද පෙනී යන්නේ බැඩ්මින්ටන් සංගමයට පවා ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන්ගේ විනය විරෝධී කි‍්‍රයාකාරකම් වලට එරෙහිව පියවර ගැනීමටද නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.