Last Update  :  2025-12-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජයන්ත - නිශාන්ත තවත් සාම ගිවිසුමක්

ජයන්ත - නිශාන්ත තවත් සාම ගිවිසුමක්

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A


ශී‍්‍ර ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා සහ ලේකම්වරයා අතර ඇතිව තිබූ සන්නිවේදන බාධා ඉවත්කරමින්, 2015 ක‍්‍රිකට් ලෝක ශූරතාවලිය ඉලක්ක කරගෙන ජයග‍්‍රාහී වැඩපිළිවෙලක් සමඟ ඉදිරියට යාමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා හා එහි ලේකම් නිශාන්ත රණතුංග මහතා ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා හමුවේ එකඟ වූ බව ක‍්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි.

දෙදෙනා අතර පැවැති මත ගැටුම නිරාකරණය කරගැනීම සඳහා අද (15) පෙරවරුවේ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ දී තමන් හමුවන ලෙස ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා ශී‍්‍ර ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට සහ ලේකම්වරයාට දැනුම් දී තිබිණ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු විධායක සභාව විසින් ගනු ලැබූ තීන්දු තීරණ ක‍්‍රියාත්මක කිරීමේදී මෙතෙක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අනුගමනය කළ කළමනාකරණ හා පරිපාලන විධික‍්‍රමය යටතේ කිසිදු ගැටළුවක් මතු නොවුණ බවත් මින් ඉදිරියේදී ක‍්‍රිකට් සභාපතිවරයා සහ ලේකම්වරයා සිය වගකීම් ක‍්‍රියාත්මක කිරීමේදීද විධිමත් ක‍්‍රමයක් අනුගමනය කළ යුතු බවත් ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා කි‍්‍රකට් බලධාරීන්ට දැනුම් දුන් බවත් කී‍්‍රඩා අමාත්‍යංශ මාධ්‍ය නිවේදනයේ සටහන් වේ.

ඇති වී තිබූ ගැටලූ පිළිබඳව දෙපාර්ශ්වයම ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා සමග දීර්ඝ ලෙස සාකච්ඡ කළ බවත් එම සියලූ කරුණු අමතක කර, මින් ඉදිරියට කිසිදු ප‍්‍රශ්නයක් හා ගැටළුවක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමට ක‍්‍රිකට් සභාපතිවරයා හා ලේකම්වරයා මෙම සාකච්ඡුාවේදී එකඟ වූ බවත් එම එකගතාව අද (15) සවස පැවැත්වෙන ක‍්‍රිකට් විධායක සභාවටද දැනුම් දීමට කටයුතු කරන බවත් ක‍්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 


අදහස් (2)

ජයන්ත - නිශාන්ත තවත් සාම ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.