Last Update  :  2025-07-07 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජනාධිපති විශේෂ උපදේශක හරීන්

ජනාධිපති විශේෂ උපදේශක හරීන්

editorial - 2024 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

හිටපු ක්‍රීඩා  ඇමැති හරීන් ප්‍රනාන්දු  මහතා ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශක  ධූරයට පත් කරමින් ජනාධිපති  රනිල් වික්‍රමසිංහ  මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පෙරේදා ( 16) වැනිදා  සිට බල පැවැත්වෙන පරිදි මෙම පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කර තිබේ. 

ගැසට් නිවේදනයට අනුව හිටපු ඇමැතිවරයාගේ විෂය පථයට අයත්ව තිබූ ක්‍රීඩා, යෞවන කටයුතු, සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදේශක ධූරයට ඔහු පත් කර තිබේ. 

ක්‍රීඩා අමාත්‍යාංශය  ඇතුළුව හරීන් ප්‍රනාන්දු  මහතා දැරූ සෙසු අමාත්‍යාංශ මේ වන විට ජනාධිපතිවරයා යටතට පත් කර තිබේ.  ක්‍රීඩා  අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට  කැබිනට් ඇමැති ධූරය ක්‍රියාත්මක  නොවන බැවින් තීරණ ගැනීමේ බලතල ගණනාවක්  හරීන් ප්‍රනාන්දු  මහතාට ලබාදී තිබේ. ජනාධිපතිවරයා හා ක්‍රීඩා  අමාත්‍යාංශයේ සම්බන්ධ්කරණ  කටයුතු පවත්වාගෙන යාමත්  හරීන් ප්‍රනාන්දු  මහතාට පැවරී තිබේ. 

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් හරීන් ප්‍රනාන්දු  මහතාට පාර්ලිමේන්තු  මන්ත්‍රී  ධූරය අහිමිවීමත් සමග හරීන් ප්‍රනාන්දු  මහතාට දැරූ ඇමැති ධූරද අත් හැර දැමීමට සිදු විය.

ක්‍රීඩා රාජ්‍ය ඇමැතිවරයා ලෙස මේ වන විට කටයුතු  කරමින් සිටින්නේ රෝහණ  දිසානායක මහතායි.  මීට පෙර පසුගිය යහපාලන රජය සමයේදීත් හරීන් ප්‍රනාන්දු  මහතා ක්‍රීඩා  ඇමැති ධූරයේ කටයුතු කර තිබේ.


අදහස් (0)

ජනාධිපති විශේෂ උපදේශක හරීන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.