Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජනාධිපති රනිල්ගෙන් දෝස්මුරයක්

ජනාධිපති රනිල්ගෙන් දෝස්මුරයක්

editorial - 2023 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

(නාමල් පතිරගේ)

හෝමාගම දියගම ක්‍රීඩා සංකීර්ණයේ පෙරේදා (25) නිරීක්ෂණ චාරිකාවක නිරතවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි පවතින වත්මන් අසතුටුදායක තත්ත්වය පිළිබඳව සිය කනස්සල්ල පළකර සිටියේය.

තමා වසර 2016 දී අගමැතිවරයා ලෙස  කල් ගෙවමින් සිටියදී මෙහි නිරීක්ෂණ චාර්කාවක නිරත වූ අවස්ථාවේදීත් මෙම ක්‍රීඩාංගණය මෙලෙසින්ම දැකගන්නට ලැබුණු බව එහිදී ප්‍රකාශ කර සිටි ජනාධිපතිවරයා ක්‍රීඩා සංකීර්ණයේ නඩත්තු කටයුතු ප්‍රමුඛතා පදනම මත ආරම්භ කිරීමට වහා පියවර ගන්නා ලෙස ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාට උපදෙස් දුන්නේය. 

දියගම ක්‍රීඩා සංකීර්ණයේ ස්ථාන ගණනාවක්ම එහිදී ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය. එහිදී ජනාධිපතිවරයා නිලධාරිනියන් ඇතුළු නිලධාරීන් කීපදෙනෙකුට දෝෂාරෝපණය කර සිටියේ එම ස්ථාන ක්‍රිඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණු කටයුතු සඳහාවත් මේ වනවිට නුසුදුසු මට්ටමක පවතින බවට හෙළිවීමෙනි.

ශ්‍රී ලංකාවේ විශාලතම  ක්‍රීඩා සංකීර්ණය  ලෙස සැලකිය හැකි දියගම ක්‍රීඩා සංකීර්ණය 2009 දී ස්ථාපිත කර තිබේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ  දියගම විකාශනාගාරය කලින් පවත්වාගෙන ගිය මෙම භූමි භාගය අක්කර 125 ක වපසරයකින් සමන්විතය.

එය මලල ක්‍රීඩාව සඳහා කෘත්‍රිම ධාවන පඨයක් සහිත ශ්‍රී ලංකාවේ දෙවැනි ක්‍රීඩාංගනයයි. එහෙත් මෙම ධාවන පථයේ ජාත්‍යන්තර තරග පැවැත්විය නොහැකි බව අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනය විසින් දැනුම් දෙනු ලැබ ඇත. මේ හැරෙන්නට පිහිනුම් තටාකයකින් බේස්බෝල් පිටියකින්, ක්‍රිකට් ක්‍රීඩාංගණයකින් හා නේවාසිකාගාරයකින් සමන්විතය.

මුල් අවධියේ යුද හමුදාවේ බාරයේ පැවැති  මෙම ක්‍රීඩා සංකීර්ණය මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශයට පවරා තිබේ. මෙම නිරීක්ෂණ චාරිකාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යාංශයට උපදෙස් රැසක් ද දුන්නේය.

ජනාධිපතිවරයා විසින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාට දෙන ලද උපදෙස් 

ක්‍රීඩා රැසක් නියෝජනය කරන විද්වතුන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත්කර රටේ ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට යෝජනා හා නිර්දේශ ලබා ගැනීම,

එක් ක්‍රීඩා ඉසව්වකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකු බැගින් තෝරාගෙන රජයේ වියදමින් පුහුණු සංචිත මාලාවක් ආරම්භ කිරීම, 
දිවයිනේ පාසල් 100 ක බේස්බෝල් ක්‍රීඩාව ආරම්භ කිරීම,

ක්‍රීඩාවේ නිරතව සිටින අතරම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරමින් උපාධිය සම්පූර්ණ කිරීමේ පහසුකම් සැලසීම,

දියගම ක්‍රීඩා සංකීර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරු පද්ධතියක් ස්ථාපිත කර එමගින් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට පුහුණුවීම් අවස්ථා ඇතිකරලීම. 

දුෂ්කර කාලයක් වුවත් ඒ සඳහා ණය මුල්‍ය පහසුකම් සලසාදීමට සූදානම් බවත් ජනාධිපතිවරයා නිරීක්ෂණ චාරිකාවේ දී වැඩිදුරටත් පැවසීය.

මෙම ක්‍රීඩා සංකීර්ණය ආරම්භ කළ සමයේදීම, රුපියල් කෝටි ගණනක වියදමින් ඉදිකරන ලද ගෘහස්ථ පාපැදි ධාවන පථය (වෙලෝඩ්‍රෝම්) නියමිත ප්‍රමිතියට නැතැයි කියමින් පසුව එය කඩා ඉවත් කරන ලදි. 

මෙම නිරීක්ෂණ චාරිකාවට ඇමැති බන්දුල ගුණවර්ධන, දියගම ක්‍රීඩා සංකීර්ණයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් ලාල් චන්ද්‍රසිරි, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග යන මහත්වරු ඇතුළුව ක්ෂේත්‍ර  ගණනාවක නිලධාරීහු සහභාගිවී සිටියහ.


අදහස් (4)

ජනාධිපති රනිල්ගෙන් දෝස්මුරයක්
  • Nandasena gr Tuesday, 28 March 2023 05:58 AM

    ඕක හදන්නේ මහින්ද. එතකොට ඔය ඔතන ඉන්න රොෂාන්, බන්දුල කියන තොත්ත බබාලා දෙන්නා කොහෙද දන්නේ නැහැ හිටියේ? එදා සුදු අලි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න හදනකොට පාඩුවේ හිටපු අය දැන් රනිල් ඉස්සරහ පූස් පැටව් වෙලා. කාවද බං මේ රවට්ටන්න හදන්නේ...?

    Reply 0       0

    Bunny Preena Tuesday, 28 March 2023 09:32 AM

    උපදෙස්වලට විතරක් සීමා වෙයිද දන්නේ නැහැ. අපේ රටේ බොහෝ දුරට කටින් බතල සිටුවීමනේ සිදුවෙන්නේ.. ජනාධිපතිතුමත් කටින් බතල හිටුවන චැම්පියන් කෙනෙක්නේ...

    Reply 0       0

    Sunil Tuesday, 28 March 2023 10:08 AM

    තවත් ගොන්කතා කීපයක්... වැඩ නිසි පරිදි නොකිරීමේ දෝස් මුරය ලැබිය යුත්තේ මේ පිනාධිපතිටයි.

    Reply 0       0

    Rata Perata Tuesday, 28 March 2023 11:57 AM

    මෙයාගේ සංදර්ශන... පාර්ලිමේන්තුවේ ඉන්නවා උසාවි වලින් වැරැදිකාරයෝ කරපු, කුඩු ව්‍යාපාර කරන, මිනීමරපු අය... ඒවා ගැන කිසි කතාවක් නැහි. ඒවාට පරීක්ෂණත් නෑ. මේ වගේ පොඩිතැන් අල්ලගෙන පුස් වීරයෙක් වෙන්න හදනවා.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.