Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම් දෙක ලෙස සැලකෙන මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම් මෙවර තරගාවලියේ තරග 20 ක් අවසන් වන තෙක්ම ජයග්‍රහණයක් ලබාගැනීමට අපොහොසත්ව සිටිති. මෙවර තරගාවලියේදී සහභාගි වූ තරග 4 දීම පරාජයට පත්ව සිටින මෙම කණ්ඩායම් දෙක පිළිවෙලින් ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි සහ 10 වැනි ස්ථානවල පසුවේ.
මේ දක්වා පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලි 14 න් 5 කදීම ශූරතාව දිනාගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්ව තිබේ. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම දිනා ඇති ශූරතා සංඛ්‍යාව 4 කි. එහිදී අනු ශූරතා 5 ක් හිමිකර ගැනීමටද චෙන්නායි කණ්ඩායම සමත්ව ඇති අතර මුම්බායි කණ්ඩායමද එක් අනු ශූරතාවකට හිමිකම් කියා තිබේ.
තරගාවලි 12 කදීම චෙන්නායි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ මහේන්ද්‍ර සිං දෝනි මෙවර තරගාවලියේදී කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වූ අතර ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක රවින්ද්‍ර ජදේජා නම් කිරීමට කණ්ඩායම් කලමණාකාරීත්වය පියවර ගත්තේය. 2013 වසරේ සිට මුම්බායි කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ රෝහිත් ෂර්මා විසිනි.
මෙවර තරගාවලියේ තරග 20 ක් අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්ව සිටියි.
ඊයේ (10 වැනිදා) මුම්බායිහිදී පැවැති තරගයේදී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 3 ක ජයක් වාර්තා කරමින් රාජස්ථාන් රෝයල්ස් ක්‍රීඩකයෝ ලකුණු සටහනේ පෙරමුණට පැමිණියහ.
මේ දක්වා තරග 4 කට ක්‍රීඩා කර ඇති රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඉන් තරග 3 ක් ජයගෙන එක් තරගයක් පරාජයට පත්ව සිටියි. කොල්කටා නයිට්රයිඩර්ස්, ගුජරාට් ටයිටන්ස්, රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් යන කණ්ඩායම්ද තරග 3 බැගින් ජයගෙන ලකුණු 6 බැගින් ලබා සිටිති.
කෙසේ වුවත් මෙතෙක් සහභාගි වූ තරගවලදී පවත්වාගෙන ඇති ශුද්ධ ලකුණු වේගය අනුව කොල්කටා කණ්ඩායම එහි දෙවැනි ස්ථානයටත්, ගුජරාට් කණ්ඩායම තෙවැනි ස්ථානයටත්, බැංගලෝර් කණ්ඩායම සිවුවැනි ස්ථානයටත්, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම 5 වැනි ස්ථානයටත් පත්ව තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.