ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 24 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ කිංග්ස් XI පන්ජාබ් පිල අතර චෙන්නායහි චිදම්බරම් කී‍්‍රඩාංගණයේදී අද (25 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 97 ක ජයක් අත්කර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 193 ක ඉලක්කයක් හඹාගිය පන්ජාබ් පිලට නියමිත ඕවර 20 ක් අවසානයේ කඩුලූ 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 95 ක් පමණි.
පන්ජා්බ් පිලේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්ක පිතිකරු මුරලි විජේ පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 34 ක් රැස්කළේය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ රවින්ද්‍ර ජදේජා ලකුණු 23 කට කඩුලූ 3 ක් දවාගත්තේය. පිතිකරුවන් 5 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර දැවී යෑමද පන්ජාබ් පිලේ පරාජයට තදින්ම බලපෑවේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 3 ක් දැවී ලකුණු 192 ක් ලබාගත්තේය.
බ්‍රෙන්ඩන් මැකලම් (66) සහ ඞ්වේන් ස්මිත් (26) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 28 කදී ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනගමින් චෙන්නායි පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.
පන්දු 44 කදී වාර්තා වූ බ්‍රෙන්ඩන් මැකලම්ගේ වේගවත් ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය.
අවසන් ඕවර කිහිපයේදී ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දු 27 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 41 ක් රැස්කළේය.
චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 3 ක් දැවී 192
(ඞ්වේන් ස්මිත් 26, බ්‍රෙන්ඩන් මැකලම් 66, සුරේෂ් රයිනා 29, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 41, රවින්ද්‍ර ජදේජා නොදැවී 18)
කිංග්ස් XI පන්ජාබ් පිල - ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී 95
(මුරලි විජේ 34, රිධිමන් සහා 15, රවින්ද්‍ර ජදේජා 23/3, රවිචන්ද්‍රන් අෂ්වින් 14/2, අශීෂ් නෙහෙරා 16/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.