Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චෙක් ජනරජය ‘ඩී’ කාණ්ඩයේ පෙරමුණට

චෙක් ජනරජය ‘ඩී’ කාණ්ඩයේ පෙරමුණට

editorial - 2021 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යූරෝ 2020 පාපන්දු තරගාවලියේ ‘ඩී’ කාණ්ඩය යටතේ ඊයේ (18 වැනිදා) පැවැති තරග දෙකම ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. එහිදී ක්‍රො‍යේෂියාව සහ චෙක් ජනරජය අතර පැවැති තරගය ගෝල 1-1 ක් ලෙසද, එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර පැවැති තරගය ගෝල 0-0 ක් ලෙසද සමව නිමාවිය.

‍ක්‍රො‍යේෂියාව සහ චෙක් ජනරජය අතර ඊයේ පැවැති තරගයේ 37 වැනි විනාඩියේදී ගෝලයක් ලබාගත් පැට්රික් ෂීක් පළමු අර්ධය නිමාවන විට චෙක් ජනරජය ගෝල 1-0 ක් ලෙස පෙරමුණට ගෙන ආවේය. එහෙත් දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 2 ක් ගතවන විට (47 වැනි විනාඩියේදී) ක්‍රොයේෂියාව වෙනුවෙන් ගෝලයක් ලබාගත් අයිවන් පෙරිසික් තරගය ගෝල 1-1 ක් ලෙස සම තත්ත්වයට පත් කළේය.  
 
මූලික වටයේ තරග 2 බැගින් ක්‍රීඩා කර තිබුණද, ‘ඩී’ කාණ්ඩයේ කිසිදු කණ්ඩායමක් තවමත් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා නොමැත. එහිදී එක් තරගයක් ජයගමින් සෙසු තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගෙන සිටින චෙක් ජනරජය සහ එංගලන්තය ලකුණු 4 බැගින් ලබා පිළිවෙලින් ‘ඩී’ කාණ්ඩයේ පළමු සහ දෙවැනි ස්ථානවල පසුවෙති.‍

‘ඩී’ කාණ්ඩය යටතේ තවත් මූලික වටයේ තරග 2 ක් මේ මස 22 වැනිදා පැවැත්වෙන අතර එහිදී චෙක් ජනරජයට එරෙහිව එංගලන්තයද, ක්‍රො‍යේෂියාවට එරෙහිව ස්‍කොට්ලන්තයද තරග වැදීමට නියමිතය. එම තරග දෙකෙහි ප්‍රතිඵල අනුව ‘ඩී’ කාණ්ඩයෙන් අවසන් 16 දෙනාගේ වටයට පිවිසෙන කණ්ඩායම් දෙක කුමක්දැයි තීරණය කෙරෙනු ඇත.

චෙක් ජනරජය සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග‍යෙන් ජයගන්නා කණ්ඩායම නිසැකවම අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගන්නා අතර ඉන් පරාජයට පත්වන කණ්ඩායමත්, ක්‍රො‍යේෂියාව සහ ස්‍කොට්ලන්තය අතර පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායමත් අතරින් එක් කණ්ඩායමක් පමණක් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගනු ඇත.

-036


අදහස් (0)

චෙක් ජනරජය ‘ඩී’ කාණ්ඩයේ පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.