Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චාමික වෙනුවට ප්‍රමෝද් කැඳවයි
ශ්‍රී ලංකා - ඇෆ්ඝනිස්ථාන තරගය

චාමික වෙනුවට ප්‍රමෝද් කැඳවයි

editorial - 2022 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්ථාන නායක මොහොමඩ් නබී පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. 

මෙම තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායමට තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ වරම් අහිමිවන බැවින් මෙම තරගය කණ්ඩායම් දෙකටම ඉතා තීර්ණාත්මක වී තිබේ. 

පෙර තරගවලදී දස්කම් අතරට පැමිණීමට අසමත් වූ චාමික කරුණාරත්න වෙනුවට මෙම තරගයේදී ප්‍රමෝද් මධුෂාන් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා සිටින අතර ආබාධයකට ලක්වූ හස්රතුල්ලා සසායි වෙනුවට ගුලාබ්දීන් නයිබ් ඇ‍ෆ්ඝනිස්ථානය කණ්ඩායමට ඇතුළත්ව සිටියි. 

ශ්‍රී ලංකා පිල 
දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ළහිරු කුමාර, ප්‍රමෝද් මධුෂාන් සහ  කසුන් රාජිත 
 
ඇෆ්ඝනිස්ථාන පිල 
මොහොමඩ් නබී (නායක), රහ්මනුල්ලා ගුර්බාස්, ඊබ්‍රහීම් සද්‍රාන්, උස්මාන් ඝානි, ගුලාබ්දීන් නයිබ්, නජිබුල්ලා සද්‍රාන්, අස්මතුල්ලා ඔමර්සායි, රෂීඩ් ඛාන්, මුජිබුර් රහමන්, ෆරීඩ් අහමඩ් සහ ෆසාල්හක් ෆකූරි 

 

-036


අදහස් (0)

චාමික වෙනුවට ප්‍රමෝද් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.