Last Update  :  2025-05-05 11:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චාතූර්ය - අංජලිකා ශූරතා දිනති

චාතූර්ය - අංජලිකා ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ වයස 14 න් පහළ ආසියානු ටෙනිස් තරගාවලියේ පළමු අදියරේ බාලක සහ බාලිකා කේවල ශූරතා දිනාගැනීමට චාතූර්ය නිලවීර සහ අංජලිකා කුරේරා සමත් වූහ.

ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති බාලක කේවල අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් ලෙස නේලක දිසානායක පරාජය කරමින් චාතූර්ය නිලවීර එම ශූරතාවට හිමිකම් කීවේය. එම තරගයේ ලකුණු තත්ත්වය 6-1 ක් සහ 6-0 ක් ලෙස දැක්විණ.

අවසන් පූර්ව වටයේදී ඉන්දීය ක්‍රීඩක ක්‍රිෂැග් රඝුවන්ෂි පරාජය කරමින් චාතූර්ය නිලවීර බාලක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර නේලක දිසානායක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී තෙහාන් විජේමාන්න පරාජය කරමිනි.

අංජලිකා කුරේරා තරගාවලියේ බාලිකා කේවල ශූරතාව දිනාගත්තේ අද පැවැති අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් ලෙස ඔනෙලි පෙරේරා පරාජය කරමිනි. එම තරගයේ ලකුණු තත්ත්වය 6-0 ක් සහ 6-3 ක් ලෙස සටහන් විය.

අවසන් පූර්ව වටයේදී හේෂානි ඉමංගා පරාජය කරමින් අංජලිකා කුරේරා බාලක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර ඔනෙලි පෙරේරා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී තරණි ඇලෙක්සැන්ඩර් පරාජය කරමිනි.

තරගාවලියේ බාලක යුගල ශූරතාව දිනාගැනීමට චාතූර්ය නිලවීර සහ තෙහාන් විජේමාන්න සමත් වූ අතර බාලිකා යුගළ ශූරතාව දිනාගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවන් වන ටානියා රාසික් සහ ශාරුති මාදවකන්නා සමත් වූහ.


බාලක කේවල අවසන් මහ තරගය

■    චාතූර්ය නිලවීර විසින් තරග වට 2-0 ක් ලෙස නේලක දිසානායක පරාජය කරන ලදි. (6/1, 6/0)
බාලිකා කේවල අවසන් මහ තරගය
■    අංජලිකා කුරේරා විසින් තරග වට 2-0 ක් ලෙස ඔනෙලි පෙරේරා පරාජය කරන ලදි. (6/0, 6/3)

 


අදහස් (0)

චාතූර්ය - අංජලිකා ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.