Last Update  :  2025-08-24 20:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රාජකීයයෝ 15 - 5 කින් පළමු අදියර දිනති
79 වැනි බ්‍රඩ්බි පළිහ තරගය

රාජකීයයෝ 15 - 5 කින් පළමු අදියර දිනති

editorial - 2025 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාලීය රග්බි පිටියේදී 79 වැනිබ්‍රඩ්බි පළිහ තරගයේ පළමු අදියරේදී  ලකුණු 15-05 ක් වශයෙන් ජය ගැනීමට රාජකීයෝ සමත් වුහ.

මෙවර පාසල් රග්බි ලීග් ශූරයන් වු ත්‍රිත්ව සිංහයෝ පල්ලේකැලේ ඔවුන්ගේ දඩ බිමේදී ඉතා පහසුවෙන් රාජකීයයන් පරාජය කරනු ඇති බවට තිබූ විශ්වාසයෙන් යුතුව ත්‍රිත්ව සිසුන් ඇතුළු ආදී සිසුන් පල්ලෙකැලේ රග්බි පිටියට දහස් ගණනින් එකතු වුවද තරඟය ආරම්භ වී ප්‍රථම විනාඩි 10 ගතවන විට ත්‍රිත්ව පිලට තරඟය එතරම් පහසු නොවන බව වැටහෙන්නට විය.

පසුගිය වර බ්‍රැඩ්බි පළිහ ත්‍රිත්ව පිලට ලබාදීමට විශාල මෙහෙවරක් කළ ෂාන් අල්තාෆ්ගේ පාදයේ එල්ලයද මෙවර මගහැරී යන බවක් පෙනෙන්නට තිබුණි.

විශේෂයෙන් ත්‍රිත්ව ඉදිරිපෙළ ක්‍රීඩකයන් පන්දුව අතිනත යැවීමේදී දැක්වූ දුර්වලතා මෙන්ම තහනම් කලාපයට පැමිණීම වැනි දුර්වලතා හේතුවෙන් ඔවුන්ගේ පළමු අදියරේ ජයග්‍රහණය තව තවත් ඈතට ගමන් කරන්නට විය.

රාජකීය ක්‍රීඩකයන්ගේ අවදානම් ක්‍රීඩා විලාශයන් හේතුවෙන් ඔවුන්ගේ ක්‍රීඩකයන් තිදෙනෙකු කහ කාඩ් පත් අවවාදයෙන් දඬුවම් බංකුවේතැබීමට විනිසුරුවරයා පියවර ගත්තේය.

ප්‍රථම අර්ධය නිමා වන විට ලකුණු 15-05 ක් වශයෙන් රාජකීය පිල ඉදිරියෙන් සිටි මෙම තරඟයයේ දෙවැනි අදියරේදී දෙපිලටම ලකුණු රැස් කිරීමට නොහැකි වීම කැපී පෙනෙන සිදුවීමක් විය.

ජයග්‍රාහී රාජකීය පිළ ගෝල දිනුමක් උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින්ලකුණු රැස්කළ අතර ත්‍රිත්ව පිල උත්සහක දිණුමක් මගින් ලකුණු රැස් කළේය.

විදේශීය විනිසුරුවරයාගේ ප්‍රථම නළා හඬින් තරඟය ආරම්භ වී 07 වැනි විනාඩියේදී රාජකීය පිලේ අමික සමරසිංහ විසින් උත්සහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. ඉන් විනාඩි තුනකට පසු 10 එවැනි විනාඩියේදී රාජකීය පිලේ ඩිසස් පතිරණ විසින් උත්සහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය මොහොමඩ් ශිමක් විසින් සාර්ථක කරගන්නා ලදී.

තරගය 26 වැනි විනාඩියේදී ත්‍රිත්ව පිලේ අබ්දුල් මලික් විසින් උත්සාහක දිනුමක් වාර්තා කළද එහි ප්‍රවර්තනය අසාර්ථක විය.

ප්‍රථම අර්ධය නිමාවීමට විනාඩි 05 ක් තිබේදී දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට රාජකීය පිලේ මොහොමඩ් ශිමක් සමත් විය.

ප්‍රථම අර්ධය නිමා වන විටලකුණු 15-05 ක් වශයෙන් රාජකීය පිල ඉදිරියෙන් විය.

දෙවැනි අර්ධයේදී දෙපිලේ කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු රැස්කිරීමට නොහැකි විය.

 


අදහස් (0)

රාජකීයයෝ 15 - 5 කින් පළමු අදියර දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.