Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ජාත්‍යන්තර විස්සයි-20 ක්‍රිකට් ලීගයට සහභාගි වන අබුඩාබි නයිට් රයිඩර්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන චරිත් අසලංක, සීක්කුගේ ප්‍රසන්න සහ ළහිරු කුමාරට හිමිව තිබේ.
මේ දක්වා එම කණ්ඩායම සමග ගිවිසුම්ගතව ඇති විදෙස් ක්‍රීඩකයන් සංඛ්‍යාව 14 ක් වන අතර ඊට බටහිර ඉන්දීය කොදෙව්හි ඔන්ඩ්‍රි රසල්, සුනිල් නරේන්, එංගලන්ත ක්‍රීඩක ජොනී බෙයාස්ටෝ සහ අයර්ලන්ත ක්‍රීඩක පෝල් ස්ටර්ලින්ද ඇතුළත්ව සිටිති.
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකරුවන් මෙම කණ්ඩායම මිලදී ගෙන ඇති අතර ඔවුන් කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන ට්‍රිබැන්ගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමේද හිමිකාරීත්වය දරයි.
තරගාවලිය සඳහා පැවැත්වෙන ක්‍රීඩක කෙටුම්පත් කිරීමේදී සිය කණ්ඩායමට දේශීය ක්‍රීඩකයන් ඇතුළත් කර ගැනීමට නියමිත බව අබුඩාබි නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකරුවෝ පවසති. තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අතරින් සිය සංචිතය එළිදැක්වූ දෙවැනි කණ්ඩායම වන්නේද අබුඩාබි නයිට් රයිඩර්ස් කණ්ඩායමය.
අබුඩාබි නයිට් රයිඩර්ස් සංචිතය
ඔන්ඩ්‍රි රසල්, සුනිල් නරේන්, අකීල් හොසේන්, රේමන් රෙයිෆර්, කෙනාර් ලුවිස්, රවී රාම්පාල් (බටහිර ඉන්දීය කොදෙව්), ජොනී බෙයාස්ටෝ (එංගලන්තය), පෝල් ස්ටර්ලින් (අයර්ලන්තය), චරිත් අසංක, ළහිරු කුමාර, සීක්කුගේ ප්‍රසන්න (ශ්‍රී ලංකාව), කොලින් ඉන්ග්‍රම් (දකුණු අප්‍රිකාව), අලී ඛාන් (ඇමරිකාව) සහ බ්‍රෙන්ඩන් ග්ලෝවර් (නෙදර්ලන්තය)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.