Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චරිත්, මාලිංග ඉහළම සම්මාන දිනති

චරිත්, මාලිංග ඉහළම සම්මාන දිනති

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා සහ දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා - චරිත් අසලංක

 

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති 36 වැනි ‘බාටා - සන්ඬේ ටයිම්ස්’ සම්මාන උළෙලේදී වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස ගාල්ල රිච්මන්ඞ් විදුහලේ චරිත් අසලංක සම්මාන දිනාගත්තේය. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩාමේ හිටපු වේගපන්දු පුහුණකරුවකු මෙන්ම හිටපු ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩකයකුද වන චමින්ද වාස් මහතා මෙම සම්මාන උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් චරිත්ට එම සම්මානය ප‍්‍රදානය කළේය.

වසරේ ජනප‍්‍රියම කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස කොළඹ නාලන්දා විදුහලේ මාලිංග අමරසිංහ සම්මාන දිනාගත්තේය.

‘වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා’ සම්මානයට අමතරව වසරේ දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා සම්මානයට සහ දක්ෂතම පන්දුයවන්නා අනුශූරතාවටද හිමිකම් කීමට චරිත් අසලංක සමත්වූ අතර ගාල්ල රිච්මන්ඞ් විදුහල් කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායමේ නායකත්වය දරමින් ඔහු දැක්වූ දක්ෂතා මෙම සම්මාන දිනාගැනීමට හේතු විය.

පාසල් තරග 13 කට සහභාගි වී ලකුණු 755 ක් ලබාගත් චරිත් අසලංක, කඩුලූ 80 ක් දවාගනිමින්  පන්දුවෙන්ද දස්කම් දැක්වීය. ඔහුගේ ලකුණු 755 ට ශතක 3 ක් සහ අර්ධ ශකත 3 ක් ඇතුළත් වූ අතර ඔහුගේ කඩුලූ 80 ට කඩුලූ 10 බැගින් දවාගත් අවස්ථා 2 ක් සහ කඩුලූ 5 බැගින් දවාගත් අවස්ථා 6 ක්ද ඇතුළත් විය.

වසරේ විශිෂ්ටතම පාසල් පිතිකරුවා වූ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ අවිෂ්ක ප‍්‍රනාන්දු වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩක අනුශූරතාවද හිමිකරගත්තේය. අන්තර් පාසල් කි‍්‍රකට් තරග 13 කට සහභාගී වෙමින් ඉනිම් 23 ක් තුළ ලකුණු 1082 ක් රැස්කළ අවිශ්ක ශතක 3 ක් සහ අර්ධ ශතක 5 ක් ලබාගනිමින් ඉනිමකදී ලකුණු 47.04 ක සාමාන්‍යයක් රඳවා ගත්තේය. දක්ෂතම පිතිකරු අනුශූරතාව කොළඹ ඞී. එස්. සේනානායක විදුහලේ අඛීල් ඉන්හාම්ට හිමිවිය.

කොළඹ ආනන්ද විදුහලේ ඩිලංක සඳකැන්, වසරේ දක්ෂතම පන්දු යවන්නාට හිමි සම්මානය දිනාගත්තේ තරග 17 කදී කඩුලූ 91 ක් දවාගනිමිනි. තරග දෙකකදීම කඩුලූ 10 ක් බැගින් දවාගත් ඩිලංක, කඩුලූ 5 ඉනිම 7 ක් සිය කඩුලූ මල්ලට ඇතුළත් කරගත්තේය.

කොළඹ ලූම්බිණි විදුහලේ ජම්මික ධරණ වසරේ දක්ෂතම පන්දු රකින්නා ලෙස සම්මාන දිනාගත්තේය. ගාල්ල රිච්මන්ඞ් විදුහලේ වනිඳු හසරංග දක්ෂතම පන්දු රකින්නා අනුශූරතාව හිමිකර ගත්තේය.

වසරේ දක්ෂතම කණ්ඩායමට හිමිවන සම්මානය තමන් සතුකර ගැනීමට කොළඹ ශාන්ත පීතර විද්‍යාලය සමත්වෙද්දී, එම කණ්ඩායම මෙහෙයවූ චන්දුල ජයමාන්න වසරේ දක්ෂතම නායකයා ලෙස සම්මාන දිනාගත්තේය.

තරග 12 කට සහභාගි වී ඉනිම් 18 ක් තුළ ලකුණු 496 ක් රැස්කරමින් සහ කඩුලූ 43 ක් දවාගනිමින් දස්කම් දැක්වූ කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහලේ අසිත මධුසංක, නැගී එන පාසල් කාණ්ඩයේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන ලැබීය.

වසරේ නැගීඑන කණ්ඩායම ලෙස අම්බලංගොඩ පී. ද එස්. කුලරත්න විදුහල සම්මාන දිනාගත්තේ ඔවුන් සහභාගීවු තරග 16 න් 7 ක් ජයගෙන, තරග 8 ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගනිමිනි. දක්ෂතම ජාත්‍යන්තර පාසල ලෙස සම්මාන දිනාගත්තේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලයි.  

එහි නැගීඑන පාසල් කාණ්ඩයේ ශූරතාව ගාල්ල විද්‍යාලෝක විදුහලේ නිපුන් මාලිංගටත්, අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ ශූරතාව පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සහන් තෙන්නකෝන්ටත් හිමිවිය.

බාටා - සන්ඬේ ටයිම්ස් පාසල් කි‍්‍රකට් සම්මාන උත්සවයේ විශේෂ ආරාධිතයන් වශයෙන් හිටපු ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩක බ්‍රෙන්ඩන් කුරුප්පු සහ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩක කෞෂාල් සිල්වා සහභාගි වූහ.

‘සන්ඬේ ටයිම්ස්’, ‘ඬේලි මිරර්’ සහ ‘ලංකාදීප’ පුවත්පත් වල මාධ්‍ය අනුග‍්‍රහය ඇතිව මෙම සම්මාන උළෙල පැවැති අතර බාටා සමාගම, විජය පුවත්පත් සමාගම සහ ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමය නියෝජනය කරමින් ආරාධිතයෝ රැසක් සම්මාන උළෙලට සහභාගි වූහ.


සමස්ත ලංකා පාසල් කාණ්ඩය


වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා
ශූරතාව - චරිත් අසලංක (ගාල්ල රිච්මන්ඞ් විදුහල)
අනුශූරතාව - අවිෂ්ක ප‍්‍රනාන්දු (මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල)

 

ජනප‍්‍රියම කී‍්‍රඩකයා
ශූරතාව - මාලිංග අමරසිංහ (කොළඹ නාලන්ද විදුහල)
අනුශූරතාව - සචින් දල්පදාදු (කොළඹ ශාන්ත පීතර විදුහල)

 

දක්ෂතම පිතිකරු
ශූරතාව - අවිෂ්ක ප‍්‍රනාන්දු (මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල)
අනුශූරතාව - අඛීල් ඉන්හාම් (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල)

 

දක්ෂතම පන්දු යවන්නා
ශූරතාව - ඩිලංක සඳකැන් (කොළඹ ආනන්ද විදුහල)
අනුශූරතාව - චරිත් අසලංක (ගාල්ල රිච්මන්ඞ් විදුහල)

 

දක්ෂතම පන්දු රකින්නා  
ශූරතාව - ජම්මික ධරණ (කොළඹ ලූම්බිණි විදුහල)
අනුශූරතාව - වනිඳු හසරංග (ගාල්ල රිච්මන්ඞ් විදුහල)

 

දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා
ශූරතාව - චරිත් අසලංක (ගාල්ල රිච්මන්ඞ් විදුහල)
අනුශූරතාව - සචින්ත නවීන් (කුරුණෑගල මලියදේව විදුහල)

 

දක්‍ෂතම නායකයා
ශූරතාව - චන්දුල ජයමාන්න (කොළඹ ශාන්ත පීතර විදුහල)

 

දක්‍ෂතම කණ්ඩායම
ශූරතාව - කොළඹ ශාන්ත පීතර විදුහල
අනුශූරතාව - කොළඹ ලූම්බිණි විදුහල

 

නැගී එන පාසල් කාණ්ඩය
වසරේ නැගී එන පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා
ශූරතාව - අසිත මධුසංක (කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල)

 

දක්ෂතම පිතිකරු
ශූරතාව - පැතුම් නිස්සංක (කළුතර විද්‍යාලය)
අනුශූරතාව - ලසිත් ලක්ෂාන් (මාතර ශාන්ත තෝමස් විදුහල)

 

දක්ෂතම පන්දු යවන්නා
ශූරතාව - අසිත මධුසංක (කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල)
අනුශූරතාව - ශම්සුල් මුනීර් (වත්තල ශාන්ත අන්තෝනි විදුහල)

 

දක්ෂතම පන්දු රකින්නා  
ශූරතාව - නිමේෂ් ජයකොඩි (කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල)
අනුශූරතාව - සුරාජ් ඉන්ද්‍රමාල් (කරන්දෙණිය මැදි විදුහල)

 

දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා
ශූරතාව - සජිත් සමීර (දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල)
අනුශූරතාව - යොහාන් මධුෂංක (කරන්දෙණිය මැදි විදුහල)

 

ජනප‍්‍රියම කී‍්‍රඩකයා
ශූරතාව - නිපුන් මාලිංග (ගාල්ල විද්‍යාලෝක විදුහල)
අනුශූරතාව - උදිත් දිල්සර (මීගමුව ශාන්ත පීතර විදුහල)

 

දක්‍ෂතම කණ්ඩායම්
බස්නාහිර පළාත් ශූරතාව - වත්තල ශාන්ත අන්තෝනි විදුහල
දකුණු පළාත් ශූරතාව - අම්බන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල
සබරගමු පළාත් ශූරතාව - කෑගල්ල ශාන්ත මේරි විදුහල  
උතුරු පළාත් ශූරතාව - යාපනය ශාන්ත ජෝන් විදුහල
වයඹ පළාත් ශූරතාව - කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල

 

දක්‍ෂතම නැගී එන කණ්ඩායම
ශූරතාව - අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල

 

අන්තර් ජාතික පාසල් කාණ්ඩය
වසරේ අන්තර් ජාතික පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා
ශූරතාව - සංජය කුමාරස්වාමි (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල)

 

දක්‍ෂතම කණ්ඩායම
ශූරතාව - වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල

 

ජනප‍්‍රියම කී‍්‍රඩකයා
ශූරතාව - සහන් තෙන්නකෝන් (පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල)

 

 

 

 

 

 

 

 

 

(ඡායාරූප -: අමිල ගමගේ, අනුරාධ බණ්ඩාර සහ රංජිත් පෙරේරා)


අදහස් (0)

චරිත්, මාලිංග ඉහළම සම්මාන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.