Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
------------------------
(දමින්ද විජේසූරිය)
------------------------
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වශයෙන් උසස්වීමක් ලැබීමත් සමගම අනපේක්ෂිත මොහොතක ක්‍රිකට් ආයතනය හැරගිය චමින්ද වාස් මහතා ජාතික කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වශයෙන් නැවතත් එක්වී සිටී.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන්, තාක්ෂණික කමිටු නිලධාරීන් සහ චමින්ද වාස් මහතා අතර පැවැති සාකච්ඡාවකින් පසුව නැවත වරක් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වශයෙන් කටයුතු බාරගැනීමට වාස් මහතා එකඟ වී තිබේ.
මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් චමින්ද වාස් මහතා පසුගිය මාසයේදී බාරදුන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය සිය කැමැත්තෙන් ඉවත්කර ගත්තේය.
වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කරමින් සිටි ඩේවිඩ් ෂේකර් මහතා පෞද්ගලික කරුණු මත සිය තනතුරෙන් ඉල්ලා අස්වූයේය. එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දස්කම් මධ්‍යස්ථානයේ පුහුණුකරුවකු වශයෙන් සිටි චමින්ද වාස් මහතා ජාතික කණ්ඩායමේ සේවය සඳහා කැඳවන ලදි. එහෙත් කණ්ඩායම ශ්‍රී ලංකාවෙන් පිටත්වීමෙන් දිනයකට පසුව, පෙබරවාරි 22 වැනිදා, හදිසියේම සිය තනතුරෙන් ඉල්ලා අස්විය.
මාර්තු 26 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය චමින්ද වාස් මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉදිරිපත් කරන ලදි. එම අවස්ථාවේදී වාස් මහතාගේ ක්‍රියාකලාපය දරුණු ලෙස විවේචනය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (26 වැනිදා) සම්පූර්ණයෙන්ම ආපසු හැරෙමින් ඔහුගේ සේවය අගය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.
“ක්‍රිකට් ක්‍රීඩාවේ සංලක්ෂිත ක්‍රීඩකයකු වශයෙන් පොදුවේ ක්‍රිකට් ක්‍රීඩාවටත්, පුහුණුකරුවකු වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් චමින්ද වාස් මහතා විසින් කරන ලද අගනා මෙහෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අගය කරනු ලබයි. වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වශයෙන් දිගු ගමනක් යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට සුබ පතයි” යයි ද ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය නිවේදනයේ සටහන් වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.