Last Update  :  2025-07-19 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චන්දිමාල් පළමු පෙළ ලකුණු 10,000 පසුකරයි

චන්දිමාල් පළමු පෙළ ලකුණු 10,000 පසුකරයි

editorial - 2022 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් අද (19 වැනිදා) පළමු පෙළ ලකුණු 10,000 සීමාව පසුකර යෑමට සමත් විය. අන්තර් සමාජ පළමු පෙළ තරගාවලියේ අද පැවැති තරගයකදී බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව ශතකයක් ලබාගනිමින් ඔහු එම කඩයිම පසුකර ගියේය.

යුද හමුදා කණ්ඩායම නියෝජනය කරන චන්දිමාල්, එම තරගයේදී පන්දු 245 ක් පුරා සිය කඩුල්ල ආරක්ෂා කරගනිමින් හයේ පහර 8 ක් සහ හතරේ පහර 10 ක් සමග රැස්කළ ලකුණු සංඛ්‍යාව 152 කි. චන්දිමාල්ගේ ශතකය හමුවේ පළමු ඉනිමේදී බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 256 ක් ලබාගැනීමට යුද හමුදා කණ්ඩායම සමත් විය.

අවසන් වරට ක්‍රීඩා කළ ටෙස්ට් තරග 3 දී ඕස්ට්‍රේලියාවට එරෙහිව ද්විත්ව ශතකයක් (නොදැවී 206) සහ පාකිස්තානයට එරෙහිව අර්ධ ශතක 3 ක් (74, නොදැවී 94 සහ 80) සමගින් ලකුණු 477 ක් රැස්කිරීමටද චන්දිමාල් සමත් විය. එම තරග 3 දී ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය සටහන් වූයේ 159 ක් ලෙසිනි.

මේ දක්වා පළමු පෙළ තරග 137 කට ක්‍රීඩා කර ඇති ඔහු එහිදී ශතක 28 ක් සහ අර්ධ ශතක 47 ක් සමගින් රැස්කරගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 10,107 කි. පළමු පෙළ තරගවලදී ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 48.83 ක අගයක් ගනී. එහිදී හයේ පහර 144 ක් සහ හතරේ පහර 1053 ක් එල්ල කර ඇති චන්දිමාල් රැකගෙන ඇති උඩ පන්දු සංඛ්‍යාව 175 කි.


අදහස් (0)

චන්දිමාල් පළමු පෙළ ලකුණු 10,000 පසුකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.