Last Update  :  2025-09-17 21:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චන්ද්‍රිකා - නිලූක - නදීෂා තායිලන්තයේදී පදක්කම් දිනති
ලෝක ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලිය

චන්ද්‍රිකා - නිලූක - නදීෂා තායිලන්තයේදී පදක්කම් දිනති

editorial - 2025 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී.කපිල )

තායිලන්තයේ පැවති ලෝක ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන් සහභාගී වූ  ඉසව් වලදී රිදී පදක්කම් 03 ක් දිනා ගත්හ.  ලෝක බැඩ්මින්ටන් සම්මේලනය සහ තායිලන්ත බැඩ්මින්ටන් සංගමය එක් වී සංවිධානය කළ මෙම තරගාවලියට ලෝකයේ රටවල් 53 ක බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1,796 දෙනෙක් සහභාගි වූහ.

මෙම තරගාවලිය පසුගිය 7 වැනිදා සිට 14 වැනිදා දක්වා තායිලන්තයේ පතායා නුවරදී පැවැත්විණ.

වයස අවුරුදු 50 න් ඉහළ කේවළ අංශයෙන් තරග කළ චන්ද්‍රිකා ද සිල්වා එහි රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. වයස අවුරුදු 40 න් ඉහළ මිශ්‍ර යුගළ තරග ඉසව්වට සහභාගී වූ නදීශා ගයන්ති ද එම ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත් අතර අවුරුදු 35 න් ඉහළ කේවළ අංශයෙන් තරග කළ නිලූක කරුණාරත්න එම ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත්තේය.

 


අදහස් (0)

චන්ද්‍රිකා - නිලූක - නදීෂා තායිලන්තයේදී පදක්කම් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.