Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චෙන්නායි පිල දෙවැනි ජය ලබයි
අයි.පී.එල්. - 2024

චෙන්නායි පිල දෙවැනි ජය ලබයි

editorial - 2024 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 7 වැනි තරගය ලෙස ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර චෙන්නායි එම්. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී ඊයේ (26 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 63 ක පහසු ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස්  කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේදී චෙන්නායි කණ්ඩායම ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 207 ක ඉලක්කයක් හඹාගිය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 143 ක් පමණි. තුෂාර් දේෂ්පාන්ඩේ, දීපක් චාහර් සහ මුස්තෆිසුර් රහමන් කඩුලු 2 බැගින් බිඳහෙළමින් ගුජරාට් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 206 ක් ලබාගත් අතර වේගවත් පිතිහරඹයක නිරත වූ ශිවම් ඩූබේ පන්දු 23 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 51 ක් රැස්කළේය. ඩැරිල් මිචෙල් පන්දු 20 කින් නොදැවී ලකුණු 24 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි.

චෙන්නායි කණ්ඩායමට සාර්ථක ආරම්භයක් දුන් නායක රුතුරාජ් ගයික්වාඩ් (46) සහ රචින් රවින්ද්‍ර (46) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. පන්දු 36 කදී වාර්තා වූ ගයික්වාඩ්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින්ද, රවින්ද්‍රගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින්ද සමන්විත විය.

 

චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 206
(රුතුරාජ් ගයික්වාඩ් 46, රචින් රවින්ද්‍ර 46, ශිවම් ඩූබේ 51, ඩැරිල් මිචෙල් නොදැවී 24, සමීර් රිස්වි 14, රෂීඩ් ඛාන් 49/2)

ගුජරාට් ටයිටන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 143
(රිධිමන් සාහා 21, සායි සුධර්ෂන් 37, ඩේවිඩ් මිලර් 21, තුෂාර් දේෂ්පාන්⁣ඩේ 21/2, දීපක් චාහර් 28/2, මුස්තෆිසුර් රහමන් 30/2)

-036

අදහස් (0)

චෙන්නායි පිල දෙවැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.