Last Update  :  2025-07-28 15:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චතුරංග - තීක්ෂණ ජැෆ්නා කිංග්ස් දිනවති
එල්.පී.එල්. 2021

චතුරංග - තීක්ෂණ ජැෆ්නා කිංග්ස් දිනවති

editorial - 2021 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ 14 වැනි තරගය ලෙස දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 6 කට කී‍්‍රඩා කර ඇති කිංග්ස් කණ්ඩායම එහිදී ලැබූ 5 වැනි ජයග‍්‍රහණය මෙය විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 70 ක ඉලක්කයක් හඹාගිය ජැෆ්නා කිංග්ස් කී‍්‍රඩකයෝ  ඕවර 9.2 ක් අවසානයේ කඩුලූ 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ අවිෂ්ක ප‍්‍රනාන්දු පන්දු 17 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 22 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග‍්‍රහණය තහවුරු කළේය.

මෙම තරගයේදී පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් ලබා අංක 3 ස්ථානයේ පන්දුවට පහරදීමට පැමිණි වනිඳු හසරංග, පන්දු 18 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග වේගවත් ලකුණු 37 ක් රැස්කරමින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ජයග‍්‍රහණය ඉක්මන් කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට චතුරංග ද සිල්වා සහ මහීෂ් තීක්ෂණ ප‍්‍රමුඛ ජැෆ්නා කිංග්ස් පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ  ඕවර 14.1 ක් අවසන් වන විට සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 69 ක් පමණි. මෙවර ලංකා පි‍්‍රමියර් තරගාවලියේදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද එය සටහන් විය.

එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ චතුරංග ද සිල්වා නිලකුණු  ඕවරයක්ද සමග  ඕවර 4 ක් යවා ලකුණු 16 කට කඩුලූ 4 ක් බිඳහෙළීමට සමත් විය. දඹුල්ල ඉනිමේ මුල් පෙළ සුනුවිසුණු කර දැමූ මහීෂ් තීක්ෂණ ලකුණු 21 කට කඩුලූ 3 ක් දවාගත් අතර ඉන් කඩුලූ 2 ක්ම පළමු  ඕවරයේදී දවාගත් කඩුලූ විය.

දඹුල්ල කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු පිලිප් සෝල්ට් පන්දු 22 කදී හතරේ පහරක් සමග ලකුණු 23 ක් ලබා සිටියදී වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. අෂාන් බණ්ඩාර සහ ෂොයිබ් මලික්ද එක් කඩුල්ල බැගින් දවාගනිමින් දඹුල්ල කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා සිය දායකත්වය ලබාදුන්හ.


දඹුල්ල ජයන්ට්ස් පිල -  ඕවර 14.1 කදී සියලූ දෙනා දැවී 69
(පිලිප් සෝල්ට් 23, තරිඳු රත්නායක 14, චතුරංග ද සිල්වා 16/4, මහීෂ් තීක්ෂණ 21/3)

ජැෆ්නා කිංග්ස් පිල -  ඕවර 9.2 කදී කඩුලූ 3 ක් දැවී 71
(අවිෂ්ක ප‍්‍රනාන්දු නොදැවී 22, වනිඳු හසරංග 37, ඉම්රාන් තාහීර් 21/2)


අදහස් (0)

චතුරංග - තීක්ෂණ ජැෆ්නා කිංග්ස් දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.