Last Update  :  2026-01-11 22:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ග‍්‍රැහැම් ෆෝඞ් යන්න ඕනෑ කියයි

ග‍්‍රැහැම් ෆෝඞ් යන්න ඕනෑ කියයි

ශනුක අරවින්ද - 2013 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

තමන්ගේ කොන්ත‍්‍රාත් කාලය අවසන් වීමෙන් පසුව සිය වගකීම් වලින් නිදහස් වීමට අපේක්‍ෂා කරන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් මහතා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දන්වා තිබේ. තම පවුලේ කටයුතු සඳහා කාලය අවශ්‍ය වන බැවින් තමන් වගකීම් වලින් නිදහස් වීමට අපේක්‍ෂා කරන බවත් ග‍්‍රැහැම් ෆෝඞ් මහතා දන්වා තිබේ.

ෆෝඞ් මහතාගේ දැනුම් දීම සම්න්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් කළ විමසීමකදී රණතුංග මහතා පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් ග‍්‍රැහැම් ෆෝඞ් මහතා සමග සාකච්ඡුා කර තීරණයක් ගත යුතු බවයි.

”තමන්ගේ කොන්ත‍්‍රාත් කාලය හමාර වීම නිසා යන්න  ඕනෑ කිව්වොත් අපට ඒ සම්බන්ධයෙන් කරන්න දෙයක් නෑ. එහෙම වුණොත් අපට දැන්වීමක් දාලා පුහුණුකරුවෙක් සොයා ගන්න වේවි” යයිද රණතුංග මහතා පැවසීය.

මේ අතර ලබන වසරේදී එංගලන්තයේ සරේ ප‍්‍රාන්ත කණ්ඩායමේ පුහුණුකරු තනතුර ග‍්‍රැහැම් ෆෝඞ් මහතාට බාරවනු ඇතැයි එංගලන්තයේ ගාඩියන් පුවත් පත පසුගිය අගෝස්තු 8 වැනිදා වාර්තා කළේය. එහෙත් ඒ සම්න්ධයෙන් ග‍්‍රැහැම් ෆෝඞ් මහතා ප‍්‍රකාශයක් කරමින් පවසා සිටියේ තමන්ගේ කොන්ත‍්‍රාත් කාලය අවසන් වන තුරු තමන් ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග බැඳී සිටින බවත් ඊට පෙර ශී‍්‍ර ලංකා පිල හැරදා නොයන බවත්ය.

දකුණු අපි‍්‍රකානු ජාතිකයකු වන ග‍්‍රැහැම් ෆෝඞ් මහතා දකුණු අපි‍්‍රකානු පිලේ හිටපු පුහුණුකරුවකුද වන අතර සරේ ප‍්‍රාන්ත පිල නියෝජනය කරන කෙවින් පීටර්සන්ගේ අතිජාත මිත‍්‍රයෙකි.

එංගලන්ත පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන නමුත් කෙවින් පීටර්සන්ද දකුණු අපි‍්‍රකාවේ උපත ලද කී‍්‍රඩකයකු වන අතර දකුණු අපි‍්‍රකානු පිලේ හිටපු නායක ගේ‍්‍රම් ස්මිත්ද ලබන වසරේදී සරේ ප‍්‍රාන්ත පිල වෙනුවෙන් කී‍්‍රඩා කිරීමට නියමිතය.

වරක් කෙන්ට් ප‍්‍රාන්ත පිලේ පුහුණුකරුවා වී සිටි ග‍්‍රැහැම් ෆෝඞ් මහතා වසර 2007 දී කෙන්ට් ප‍්‍රාන්ත පිල විස්සයි/20 කුසලාන දිනාගැනීම දක්වා ගුරුහරුකම් දුන්නේය. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා වීමට පෙර ග‍්‍රැහැම් ෆෝඞ් මහතා දකුණු අපි‍්‍රකාවේ නටාල් ප‍්‍රාන්තයේ ඩොල්පින් කණ්ඩායමේ පුහුණුකරුවා වී සිටියේය.

ඡයාරූපය - ශානත රත්නායක


අදහස් (2)

ග‍්‍රැහැම් ෆෝඞ් යන්න ඕනෑ කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.