Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගෝල් ග්ලැඩියේටර්ස් දෙවැනි තැන තහවුරු කරගනී
එල්.පී.එල්. 2021

ගෝල් ග්ලැඩියේටර්ස් දෙවැනි තැන තහවුරු කරගනී

editorial - 2021 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ 19 තරගය ලෙස ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තරගයේදී පන්දු යවන්නන්ගේ කැපී පෙනුණ දක්ෂතා හමුවේ ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය.
 
මෙම ජයග‍්‍රහණයත් සමග මූලික වටයේ තරග අවසානයේ ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය තහවුරු කර ගැනීමටද ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට හැකි විය. ඒ සහභාගි වූ තරග 8 න් තරග 4 ක් ජයගෙන, 3 ක් පරාජය වී ලකුණු 9 ක් ලබාගනිමිනි. ඔවුන් සහභාගි වූ එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.  

ජයග‍්‍රහණය සඳහා ලකුණු 130 ක ඉලක්කයක් හඹාගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම  ඕවර 18.3 ක් අවසානයේ ලකුණු 109 කට සීමා කිරීමට නූර් අහමඞ් සහ සමිට් පටේල් ප‍්‍රමුඛ ගෝල් ග්ලැඩියේටර්ස් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී අහමඞ් ලකුණු 12 කට කඩුලූ 2 ක්ද, පටේල් ලකුණු 15 කට කඩුලූ 2 ක් බිඳහෙළමින් කිංග්ස් කණ්ඩායමේ ජයග‍්‍රාහී මාවත අවහිර කළහ.

ජැෆ්නා කිංග්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ෂොයිබ් මලික් පන්දු 27 කදී ලකුණු 23 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහරක් සමගිනි. ආරමභක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 21 ක්ද, අෂේන් බණ්ඩාර පන්දු 9 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 18 ක්ද රැස්කළහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම  ඕවර 20 අවසානයේ ලකුණු 129 ක් ලබාගත් අතර නායක භානුක රාජපක්ෂ පන්දු 25 කදී හතරේ පහරක් සමග ලකුණු 23 ක් රැස්කරමින් ග්ලැඩියේටර්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය.

මන්දගාමී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පන්දු 32 කදී හතරේ පහරක් සමග ලකුණු 19 ක් රැුස්කළ අතර ප‍්‍රවීන් ජයවික‍්‍රම, විජයකාන්ත් වියස්කාන්ත් සහ වහබ් රියාස් කඩුලූ 2 බැගින් බිඳහෙළමින් ග්ලැඩියේටර්ස් පිතිකරුවන් පීඩනට පත් කළහ.


ගෝල් ග්ලැඩියේටර්ස් පිල -  ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී 129
(ධනුෂ්ක ගුණතිලක 19, මොහොමඞ් හෆීස් 15, භානුක රාජපක්ෂ 23,  සහන් ආරච්චිගේ 14, පුලින තරංග 14, ප‍්‍රවීන් ජයවික‍්‍රම 13/2, විජයකාන්ත් වියස්කාන්ත් 21/2, වහබ් රියාස් 31/2)

ජැෆ්නා කිංග්ස් පිල -  ඕවර 18.3 කදී සියලූ දෙනා දැවී 109
(රාහ්මනුල්ලා ගුර්බාස් 21, ෂොයිබ් මලික් 23, අෂේන් බණ්ඩාර 18, නූර් අහමඞ් 12/2, සමිට් පටේල් 15/2)


අදහස් (0)

ගෝල් ග්ලැඩියේටර්ස් දෙවැනි තැන තහවුරු කරගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.