Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන ‘නිපෝන් පේන්ට්’ අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලිය යටතේ අද (11 වැනිදා) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමට එරෙහිව ලකුණු 30-22 ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදාව සමත් විය.
තරගයේ පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 19-06 ක් ලෙස පෙරමුණ ගැනීමට සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩකයෝ සමත් වුවත්, දෙවැනි අර්ධයේදී අළු ගසා නැඟිටි ගුවන් හමුදා ක්‍රීඩකයෝ, ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වෙමින් තරගයේ ජය තමන් සතුකර ගත්හ.
පළමු අර්ධයේදී සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් සමග ලකුණු රැස්කළ අතර ගුවන් හමුදාව ලකුණු රැස්කලේ ඩ්‍රොප් ගෝලයක් සහ දඬුවම් පහරක් සමගිනි. ගුවන් හමුදාව වෙනුවෙන් නුවන් පෙරේරා 17 වැනි විනාඩියේදී එම ඩ්‍රොප් ගෝලයද, 30 වැනි විනාඩියේදී දඬුවම් පහර සාර්ථක කරගත්තේය.
එහිදී සී.එච්. කණ්ඩායම වෙනුවෙන් යෝෂිත රාජපක්ෂ (6 වැනි සහ 32 වැනි විනාඩි වලදී) උත්සාහක දිනුම් 2 ක්ද, ජනිඳු දිල්ෂාන් (35 වැනි විනාඩියේදී) එක් උත්සාහක දිනුමක්ද ලබාගත් අතර ඉන් උත්සාහක දිනුම් දෙකක ප්‍රවර්ථනයන් සාර්ථක කරගැනීමට රෝහිත රාජපක්ෂ සමත් විය.
දෙවැනි අර්ධයේදී ගෝල දිනුම් 3 ක් සහ දඬුවම් පහරක් සමග ලකුණු රැස්කිරීමට ගුවන් හමුදාව සමත් වෙද්දී, සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමට ලකුණු ලබාගත හැකි වූයේ දඬුවම් පහරක් මගින් පමණි. දෙවැනි අර්ධය ආරම්භයේදීම (43 වැනි විනාඩියේදී) සී.එච්. කණ්ඩායම වෙනුවෙන් රෝහිත රාජපක්ෂ එම දඬුවම් පහර සාර්ථක කරගත්තේය.
ගුවන් හමුදා ජයග්‍රහණයේ නියමුවා බවට පත් වූ නුවන් පෙරේරා, 46 වැනි විනාඩියේදී දඬුවම් පහරක් මගින් දෙවැනි අර්ධයේදී ලකුණු ලබාගැනීම ඇරඹූ අතර ඉෂාර මධුෂාන් (60 වැනි විනාඩියේදී) සහ ප්‍රසන්න මධුෂංක (75 වැනි විනාඩියේදී) ලබාගත් උත්සාහක දිනුම්වල ප්‍රවර්ථනයන් සාර්ථක කරගනිමින් සිය කණ්ඩායම තරගයේ පෙරමුණට ගෙන ආවේය.
තරගය නිමාවීමට විනාඩි 5 ක් ඉතිරිව තිබියදී ගුවන් හමුදාව වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් ලබාගත් නුවන්, එහි ප්‍රවර්ථනයද සාර්ථක කරගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රාහී පරතරය වැඩි කිරීමටද සමත් විය. තරගයේ 65 වැනි විනාඩියේදී විනිසුරුගේ දැඩි අවවාද සමග රතු කාඩ්පතක් ලැබීම හේතුවෙන් සී.එච්. කණ්ඩායමේ ජනිඳු දිල්ෂාන් පිටියෙන් ඉවත්ව ගියේය.
මේ අතර ඊයේ මහනුවර, නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැති තවත් තරගයකදී යුද හමුදාවට එරෙහිව ලකුණු 46-08 ක පහසු ජයක් වාර්තා කිරීමට අවසන් වරට පැවැති ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනාගත් මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. එම තරගයේ පළමු අර්ධය අවසානයේ මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 26-08 ක් ලෙස පෙරමුණ ගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.