Last Update  :  2026-04-01 16:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගුවන් හමුදා පාපැදි පළමු අදියරේ ජය නිරන්තට

ගුවන් හමුදා පාපැදි පළමු අදියරේ ජය නිරන්තට

දිලිනි මල්රුක්ෂි - 2015 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය එක්ව සංවිධානය කරන 16 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු අදියර ජයගැනීමට ගුවන් හමුදාවේ නිදූෂ් නිරන්ත සමත් විය.

එහි දෙවැනි ස්ථානය ගුවන් හමුදාවේ බුද්ධික වර්ණකුලසූරිය විසින්ද, තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සී. එම්. විරාන් විසින්ද දිනාගන්නා ලදී.

පළමු අදියරේ පළමු ස්පි‍්‍රන්ට් කඩයිම මිනුවන්ගොඩ අබාන්ස් ප‍්‍රදර්ශනාගාරය අසලින් අවසන් වූ අතර එය ජය ගැනීමට ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහ සමත් විය. ගුවන් හමුදාවේම කී‍්‍රඩකයන් වන නි¥ෂ් නිරන්ත සහ සමන්ත ලක්මාල් පිළිවෙළින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකරගත්හ.  

දෙවැනි ස්පි‍්‍රන්ට් කඩයිම කුරුණෑගල බස් නැවතුම්පළ ඉරිදිපිටින් අවසන් වූ අතර ගුවන් හමුදාවේ නිලංග අප්පුහාමි එහි ජය වාර්තා කළේය. ශ්‍රී ලංකා පොලිසියේ උපුල් ලොකුගේ එහි දෙවැනි ස්ථානයටත්, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ සුවාරිස් පේ‍්‍රමචන්ද්‍ර දෙවැනි තෙවැනි ස්ථානයටත් පත්වූහ.  

පළමු අදියරේ කඳු ශූරයා බවට පත්වීමට දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ සුරංග රණවීර සමත් විය.

කොළඹ ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් අද (2 වැනිදා) පෙරවරු 8.30 ට ආරම්භ වූ මෙම තරගයේ පළමු අදියර කුරුණෑගල හරහා මාතලේ දක්වා කිලෝ මීටර් 158.2 ක් ගමන් කිරීමෙන් අනතුරුව අවසන් විය. පළමු අදියර සඳහා ති‍්‍රවිධ හමුදාව, පොලීසිය සහ ක‍්‍රිඩා සමාජ 15 ක් පමණ නියෝජනය කරමින් තරගකරුවන් 100 කට අධික පිරිසක් සහභාගී වූහ.

තරගාවලියේ දෙවැනි අදියර හෙට (3 වැනිදා) පැවැත්වෙන අතර එහිදී තරගකරුවන් දඹුල්ලේ සිට අනුරාධපුර හරහා පුත්තලම දක්වා කිලෝ මීටර් 145 ක් ගමන් කිරීමට නියමිතය.


අදහස් (1)

ගුවන් හමුදා පාපැදි පළමු අදියරේ ජය නිරන්තට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.