Last Update  :  2024-05-18 14:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගුවන් යානය මඟහැරී කණ්ඩායමෙන් හැළෙයි

ගුවන් යානය මඟහැරී කණ්ඩායමෙන් හැළෙයි

editorial - 2022 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නියමිත වේලාවට ගුවන් යානයට නොපැමිණි නිසා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ෂිම්රොන් හෙට්මියර් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කර තිබේ. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය මේ මස 16 වැනිදා සිට ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වෙයි. 

හෙට්මියර්ගේ ස්ථානයට ෂමාරා බෲක්ස් කැඳවන ලද බව කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි. හෙට්මියර්ට ගුවන් යානය මඟහැරී ගියේ පෞද්ගලික හේතුන් මත බව කියැවේ. 

පසුගිය සඳුදා ගයනාවේ සිට නිව් යෝර්ක් බලා ගිය ගුවන් යානයේ හෙට්මියර්ගේ ආසනය හිස් වී තිබිණ. හෙට්මියර් සඳුදා උදෑසන පැවසුවේ පවුලේ කාරණාවක් නිසා තමාට නිව්යෝර්ක් වෙත පියාසර කිරීම සඳහා නියමිත වේලාවට ගයනා ගුවන් තොටුපළට යාමට නොහැකි වූ බවයි.

“පවුලේ හේතූන් මත යයි ඉල්ලීමක් කළ හෙයින්, අපි ෂිම්රොන් හෙට්මයර්ගේ ගුවන් ගමන සෙනසුරාදා සිට සඳුදා දක්වා වෙනස් කළා. ඒත් ඔහුගේ ඕස්ට්‍රේලියානු ගමන තවත් ප්‍රමාද වුවහොත් ගැටළු ඇතිවේවි.”

“ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයකු සංචිතයට ඇතුළත් කිරීම හැර අපට වෙනත් විකල්පයක් නොමැති බව ඔහුට පැහැදිලි වෙන්න ඕනේ” යයි කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්‍ෂක ජිමී ඇඩම්ස් පැවසීය. 

ෂමාරා බෲක්ස් මෙම සතිය අගදී ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යයි. බදාදා ගෝල්ඩ් කෝස්ට්හිදී සහ සිකුරාදා බි්‍රස්බේන්හිදී පැවැත්වෙන විස්සයි20 ජාත්‍යන්තර තරඟ බෲක්ස්ට මඟ හැරෙනු ඇත. එහෙත් ඔහු මෙල්බර්න්හිදී කොදෙව් සංචිතයට එක්වනු ඇත.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් තේරීමේ වටයේදී ‘බී’ කාණ්ඩයෙන් තරග වදී. ස්කොට්ලන්තය, අයර්ලන්තය සහ සිම්බාබ්වේ ‘බී’ කාණ්ඩයෙන් තරග කරන සෙසු කණ්ඩායම් වෙති. 

සුදුසුකම් තේරීමේ වටයේ ‘ඒ’ කාණ්ඩයේ සහ ‘බී’ කාණ්ඩයෙන් ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙකක් බැගින් සුපිරි 12 දෙනාගේ වටයට පැමිණෙනු ඇත. 

-213


අදහස් (0)

ගුවන් යානය මඟහැරී කණ්ඩායමෙන් හැළෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.