Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
නැෂනල් සුපර් ලීග් තරගාවලියේදී යාපනය පිලට එරෙහිව හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) අවසන්වූ පළමු පෙළ තරගයෙන් කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට ගාල්ල පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 35 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායම කඩුලු 3 ක් පමණක් දැවී පහසුවෙන් ඉලක්කය පසුකර යෑමට සමත්විය. නමුත් එම පහසු ඉලක්කය හඹා යෑමේදී ගාල්ල පිලේ කඩුලු 3 ක් දවාගනිමින් ඔවුන්ට පීඩනයක් එල්ල කිරීමට යාපනය පන්දු යවන්නෝ සමත්වූහ.
තෙවැනි දිනය වූ ඊයේ (19 වැනිදා) තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම සඳහා කිසිවකු නොදැවී ලකුණු 43 ක් ලබාසිටි යාපනය පිලට අද දිනයේදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 224 ක් පමණි. ජනිත් ලියනගේ (72) අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්වුවද සෙසු පිතිකරුවන්ට සාර්ථක පිතිහරඹයක නිරත වීමට ගාල්ල පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමි නොවූහ.
චානක රුවන්සිරි සහ දිල්ෂාන් මදුශංක කඩුලු 3 බැගින්ද සුමින්ද ලක්ෂාන් කඩුලු 2 ක් ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
යාපනය පළමු ඉනිම - සියලුදෙනා දැවී 254
(නිශාන් මදුෂ්ක 29, නවෝද් පරණවිතාන 34, සමින්ද ප්‍රනාන්දු 27, සංතුෂ් ගුණතිලක 28, කල්හාර සේනාරත්න 29, නුවන් ප්‍රදීප් නොදැවී 37, සුමින්ද ලක්ෂාන් 28/4, දිල්ෂාන් මදුශංක 51/3, චලන ද සිල්වා 72/2)
ගාල්ල පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 444
(සංගීත් කුරේ 160, පබසර වඩුගේ 108, හෂාන් දුමිඳු 54, සුමින්ද ලක්ෂාන් 57, චානක රුවන්සිරි 29, ශෂික දුල්ෂාන් 146/4, ජනිත් ලියනගේ 53/3)
යාපනය දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 224
(නිශාන් මදුෂ්ක 45, නවෝද් පරණවිතාන 36, ජනිත් ලියනගේ 72, සංතුෂ් ගුණතිලක 28, දුනිත් වෙල්ලාලගේ 21, චානක රුවන්සිරි 29/3, දිල්ෂාන් මදුශංක 49/3, සුමින්ද ලක්ෂාන් 53/2)
ගාල්ල දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 38
(හෂාන් දුමිඳු නොදැවී 16, දුනිත් වෙල්ලාලගේ 17/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.