Last Update  :  2024-05-15 15:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගාල්ල සාර්ථක පිළිතුරකට සැරසෙන ලකුණු
ජාතික සුපිරි ලීගය

ගාල්ල සාර්ථක පිළිතුරකට සැරසෙන ලකුණු

editorial - 2023 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායමට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය වූ අද (10 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ගාල්ල කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 131 ක් ලබා සිටියේය.

දෙවැනි දිනය නිමාවට පත්වන විට ගාල්ල කණ්ඩායම කඩුලු 8 ක් ඇතැතිව කොළඹ කණ්ඩායමට වඩා තවත් ලකුණු 274 ක් පසුපසින් සිටි අතර ඒ වන විට ලක්ෂාන් එදිරිසිංහ හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 52 ක්ද, ඇන්ජලෝ මැතිව්ස් හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 32 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

ලකුණු 60 ක් වන විට ගාල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ගොස් ක්‍රීඩාගාරයේ අසුන් ගත්තද, ලක්ෂාන් සමග එක්වූ මැතිව්ස් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගුවේය. ආරම්භක පිතිකරු සංගීත් කුරේ දැවී ගියේ හතරේ පහර 6 ක් සමග ලකුණු 33 ක් ලබා සිටියදීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 405 ක් ලබා ගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 205 කින් ලකුණු 150 ක් රැස්කළේ හයේ පහරක් සහ හහතරේ පහර 21 ක් සමගිනි.

නිසල තාරක හතරේ පහර 7 ක් සමග ලකුණු 82 ක්ද, දුෂාන් විමුක්ති හතරේ පහර 6 ක් සමග ලකුණු 40 ක්ද, කසුන් රාජිත හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 34 ක්ද, තරිඳු රත්නායක හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 28 ක්ද රැස්කරමින් කොළඹ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.


කොළඹ පිල පළමු ඉනිම - ඕවර 129.5 කදී සියලු දෙනා දැවි 405
(අවිෂ්ක ප්‍රනාන්දු 150, දුෂාන් විමුක්ති 40, නිසල තාරක 82, තරිඳු රත්නායක 28, කසුන් රාජිත නොදැවී 34, කවිෂ්ක අංජුල 67/4, රමේෂ් මෙන්ඩිස් 81/3)

ගාල්ල පිල පළමු ඉනිම - ඕවර 38 කදී කඩුලු 2 ක් දැවි 131
(සංගීත් කුරේ 33, ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 52, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 32)


අදහස් (0)

ගාල්ල සාර්ථක පිළිතුරකට සැරසෙන ලකුණු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.