Last Update  :  2025-07-17 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගාල්ල ජයග්‍රහණයට ලකුණු 165 ක් පසුපසින්
ජාතික සුපිරි ලීගය - 2023

ගාල්ල ජයග්‍රහණයට ලකුණු 165 ක් පසුපසින්

editorial - 2023 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

දඹුල්ල කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේ තෙවැනි දිනය (4 වැනිදා) නිමාවට පත්වන විට ජයග්‍රහණය සඳහා ලකුණු 258 ක ඉලක්කයක් හඹායමින් සිටි ගාල්ල  කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 93 ක් ලබා සිටියේය.

ඒ අනුව ගාල්ල ක්‍රීඩකයෝ කඩුලු 5 ක් අතැතිව දඹුල්ල කණ්ඩායමට වඩා තවත් ලකුණු 164 ක් පසුපසින් සිටිති. තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට පැතුම් කුමාර හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 26 ක් ලබා සිටි අතර කඩුල්ලේ රැදී සිටි සෙසු පිතිකරුවා වූ දුනිත් වෙල්ලාලගේ ලබා සිටියේ ලකුණු 4 ක් පමණි.

දෙවැනි දිනය වූ ‍ඊයේ (3 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 116 ක් ලබා සිටි දඹුල්ල කණ්ඩායම, අද දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 80 ක් එක්කර ගත්‍තේය. ලකුණු 55 කට කඩුලු 4 ක් බිඳවැටී තිබියදී ආරම්භක පිතිකරු සොනාල් දිනූෂ (59) සමග එක්වූ අෂාන් ප්‍රියන්ජන් (39) පස්වැනි කඩුල්ල‍වෙනුවෙන් ලකුණූ 69 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.

වේගවත් පිතිහරඹයක නිරත වූ දඹුල්ල ඉනිමේ 10 වැනි පිතිකරු රනිත් ලියනාරච්චි පන්දු 58 කින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 45 ක් රැස්කළේය. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාස් ලකුණු 52 කට කඩුලු 5 ක් බිඳහෙළමින් දඹුල්ල පිතිකරුවන් පීඩනයට පත් කළේය.

දඹුල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 248

ගාල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 187

දඹුල්ල දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 196

(සොනාල් දිනූෂ 59, අෂාන් ප්‍රියන්ජන් 39, රනිත් ලියනාරච්චි 45, මො‍හොමඩ් සිරාස් 52/5, අසංක මනෝජ් 40/2)

ගාල්ල දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 93

(සොහාන් ද ලිවේරා 17, පසිඳු සූරියබණ්ඩාර 19, පැතුම් කුමාර නොදැවී 26, ළහිරු සමරකෝන් 32/3)


අදහස් (0)

ගාල්ල ජයග්‍රහණයට ලකුණු 165 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.