Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගවස්කාර් කෝලි වෙනුවෙන් පිත්ත අතට ගනී

ගවස්කාර් කෝලි වෙනුවෙන් පිත්ත අතට ගනී

editorial - 2020 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලේ නායක විරාට් කෝලි මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී අසාර්ථක පිතිකරුවකු වී සිටී. එසේ වුවත් මෙවර තරගාවලිය නිමා වීමට පෙර ඔහු නැවතත් ලකුණු අතරට එමින් ලකුණු 400 ක් හෝ 500 ක් අතර ප්‍රමාණයක් ලබාගන්නා බව හිටපු ඉන්දීය නායක සුනිල් ගවස්කාර් මහතා පවසයි.

මෙවර තරගාවලියේ කෝලි ක්‍රීඩා කළ තරග 3 දී (14, 1 සහ 3) ඔහු ලබාගෙන ඇත්තේ ලකුණු 18 ක් වු පමණි. මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව ඊයේ (28 වැනිදා) පැවැති තරගයේදී සුපිරි ඕවරය ජයගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල මුහුණදුන් තරග 3 න් 2 ක් ජයග්‍රහණය කර ඇත. ඕවර 40 කදී කණ්ඩායම් දෙකම ලකුණු 402 ක් රැස්කළ නමුත් කෝලීගේ පිත්තෙන් වාර්තා වූයේ ලකුණු 3 ක් පමණි. 2016 තරගාවලියේදී ලකුණු 973 ක් රැස් කළ කෝලී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී අසාර්ථක වීම තරමක් විවාද සම්පන්න කාරණාවකි.

“හැමෝම දන්නවා ඔහු සුපිරි ගණයේ ක්‍රීඩකයෙක් බව. ඔහු තරග 3 කින් අසාර්ථක වුවන්, යළිත් නැගී සිටිමින් අවසානය දක්වාම සටන් කිරීමට සූදානම් වන පිතිකරුවෙකි”
“ඔහු ආරම්භයේදී තරමක් මන්දගාමී වුවද තරඟාවලිය අවසන් වන විට ඔහු සෑම වසරකම ලකුණු 400-500 ක් ලබා ගන්නවා. 2016 වසරේදී ඔහු ශතක 4 ක් සමගින් ලකුණු 1000 කට ආසන්න සංඛ්‍යාවක් රැස්කළා” යයිද ගවස්කාර් මහතා පැවසීය.

පළමු තරග 3 දී අඩු ලකුණු සංඛ්‍යාවක් රැස්කළ නිසා ඔහුට මෙවර අයි.පී.එල් තරගාවලියේදී ලකුණු 900 ක් රැස්කිරීමට බැරිවෙයි. නමුත් ලකුණු 500 සීමාව පසුකිරීමට ඔහුට අවස්ථාව තිබෙන බව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ මුම්බායි ඉන්දියන් තරගය අතර තුර සජීවී ගුවන් විදුලි විකාශයක් සමග එක්වෙමින් ගවස්කාර් මහතා පැවසීය. කෝලි සහ ඔහුගේ බිරිඳ අනුෂ්කා ෂර්මා සම්බන්ධ මතභේදයකට පැටලී දින කිහිපයකට පසුව ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ගවස්කාර් මහතා මෙම ප්‍රකාශය කළේය. කෝලි සම්බන්ධයෙන් තමන් මීට දින කිහිපයකට ඉහතදී කළ ප්‍රකාශයේ සැර බාල කිරීමට එහි අපේක්‍ෂාවක් වන්නට ඇත.
එය එක අතකට ගවස්කාර් මහතා කෝලි වෙනුවෙන් පන්දුවට පහරදීමට ගියා වැනිය.

කිංග්ස් XI පන්ජාබ් පිලට එරෙහිව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල අවසන් වරට තරග වැදුණු අවස්ථාවේදී ගවස්කාර් මහතා මතභේදාත්මක ප්‍රකාශයක් කළේය. එම ප්‍රකාශයෙන් අනතුරුව කෝලිගේ රසිකයන් සමාජ මාධ්‍ය ඔස්සේ ගවස්කාර් මහතාට පහර දීමට පටන් ගත් අතර අනුෂ්කා පවා 71 හැවිරිදි ගවස්කාර් මහතාට අපහාස වන අයුරින් ඉන්ස්ටග්‍රෑම් හි ප්‍රකාශයක් නිකුක් කළාය.


- 2079


අදහස් (0)

ගවස්කාර් කෝලි වෙනුවෙන් පිත්ත අතට ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.