Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගයන්තිකාත් ඉවතට

ගයන්තිකාත් ඉවතට

editorial - 2022 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

ඇමරිකාවේදී දැන් පැවැත්වෙන 18 වැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 800 (කාන්තා) ඉසව්වේ මූලික වටයේදීම ශ්‍රී ලංකා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න පරාජයට පත්වූවාය. ඉසව්වේ මූලික වටයේ දෙවැනි තරගයට සහභාගි වූ ගයන්තිකා එහිදී පළ කළේ විනාඩි 2 තත්පර 02 35 ක දක්ෂතාවයකි.

මූලික වටයේ තරගයේදී ඇයට හිමිවූ ස්ථානය පස්වැනි ස්ථානයයි. මෙම මූලික තරගයේදී තත්පර 2.00.88 කට හොඳම කාලය වාර්තා කළේ බ්‍රිතාන්‍ය ක්‍රීඩිකා කෙලී හොඩ්කිංසන් විසිනි. එහිදී ඇය ඇතුළු ක්‍රීඩිකාවෝ සිව් දෙනෙකු හෙට (23) පෙරවරු 7.05 ට පැවැත්වෙන මීටර 800 (කාන්තා) ඉසව්ව සඳහා දෙවැනි මූලික වටයෙන් නිර්දේශ තහවුරු කර ගත්හ.
ශ්‍රී ලංකා වේලාවෙන් සඳුදා (25) පෙරවරු 7.05 ට මෙහි අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේට යෙදුනු මීටර 800 (කාන්තා) ඉසව්වේ පැවැති මූලික වටයේ තරග ගණන හයකි. ඉන් 24 දෙනෙකු අවසන් පූර්ව වටය සඳහා  නිර්දේශ ලබා සිටිති.

මෙහිදී හොඳම දක්ෂතාව රඳවා ගෙන සිටින්නේ ඉතියෝපියාවේ ක්‍රීඩිකා ඩිරිබේ වෙල්ටෙජී විසිනි. අපගේ මූලික වටයේ නිමි කාලය විනාඩි 1 තත්පර 58.83 කි. ඉසව්වේ ඇගේ මීට පෙර හොඳම දක්තාවය විනාඩි 1 තත්පර 58.28 කි.
මෙම 20 හැවිරිදි යොවුන් ක්‍රීඩිකාව මෙවර ලෝක ශූරතා මීටර 800 (කාන්තා) ඉසව්වේ රන් පදක්කම කෙරෙහි ඒ අනුව වඩාත් විශ්වාස පළ කර සිටියි.

ඇය ලෝක ශූරතා කනිෂ්ඨ, ලෝක ශූරතා වයස 20 න් පහළ අප්‍රිකානු කනිෂ්ඨ ශූරතාවලිය ඇතුළු ජාත්‍යන්තර තරග මාලා කීපයකදීම රන් රිදී හා ලෝකඩ පදක්කම් දිනා තිබේ.

මේ අතර  ඇමරිකාවේ ‘ඔරිගන්’ ප්‍රාන්තයේ ‘ඉයුජින්’ නගරයේදී දැන් පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකා සහභාගීත්වය ගයන්තිකා අබේරත්නගේ ඊයේ පරාජයත් සමග අවසන් විය.

ඊට සහභාගී වූ ගයන්තිකා මූලික වටයේ ප්‍රතිඵලයන්ට අනුව පසුවන්නේ 29 වැනි ස්ථානයේය. ඇගේ මෙම ඉසව්වේ මෙතෙක් හොඳම දක්ෂතාවය විනාඩි 2 තත්පර 01.44 කි.

මෙම 35 හැවිරිදි ක්‍රීඩිකාව මීටර 1500 (කාන්තා) ඉසව්වටද තරග වදින ක්‍රීඩිකාවකි. ඇමරිකාව අද (22) දිනය නිමාවන විට රන් පදක්කම් හතක් ඇතුළුව මුළු පදක්කම් 22 ක් දිනා පදක්කම් සටහනේ පෙරමුණේ පසුවිය.

ඒ වනවිට රටවල් 29 ක් කුමන හෝ පදක්කමක් දිනා පදක්කම් සටහනට එක්ව සිටියේය.


අදහස් (0)

ගයන්තිකාත් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.