Last Update  :  2025-08-16 16:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කෝලි අභිබවා ස්මිත් පෙරමුණට

කෝලි අභිබවා ස්මිත් පෙරමුණට

editorial - 2019 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හී නැවත වරක් පෙරමුණ ගැනීමට හිටපු ඕස්ට්‍රෙලියානු නායක ස්ටීවන් ස්මිත් සමත්විය. ජැමෙයිකාහිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු නොලබාම දැවීයාම හේතුවෙන් පළමු ස්ථානයේ සිටි ඉන්දීය පිතිකරු විරාට් කෝලී දෙවැනි ස්ථානය දක්වා පහත වැටුණි.

අයි.සී.සී. ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැති පළමු තරග 2 ජයගත් විරාට් කෝලී නායකත්වය දරණ ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර හිටපු ඉන්දීය ටෙස්ට් නායක මහේන්ද්‍ර සිං දෝනි පසුකරමින් සාර්ථකම ඉන්දීය නායකයා බවට පත්වීමට විරාට් කෝලී සමත්විය. කෙසේ වෙතත්  බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 76 ක් රැස්කළ කෝලී දෙවැනි ඉනිමේදී කෙමාර් රෝච්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින්නා හට උඩපන්දුවක් දෙමින් ලකුණු නොලබාම දැවී ගියේය.

හෙඩින්ග්ලිහී පැවැති තෙවැනි ටෙස්ට් තරගය ආබාධයක් හේතුවෙන් ස්ටීවන් ස්මිත්ට අහිමිව ගිය අතර ඊයේ (3 වැනිදා) නිකුත්කළ නව ශ්‍රේණිගත කිරීමට වලට අනුව දෙවැනි ස්ථානයේ පසුවන විරාට් කෝලීට වඩා එක් ප්‍රසාද ලකුණක් ඉදිරියෙන් ඔහු පසුවන්නේය. අළුබඳුන ටෙස්ට් තරගාවලියේ සිවුවැනි තරගය අද (4 වැනිදා) ආරම්භවන අතර එහිදී ප්‍රසාද ලකුණු මට්ටම ඉහළ දමාගනිමින් ඉදිරියට යෑමට ස්මිත්ට අවස්ථාව ඇත.

2015 දෙසැම්බර් මාසයේදී ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හී පෙරමුණ ගත් ස්ටීවන් ස්මිත් 2018 අගෝස්තු මාසය දක්වාම පෙරමුණේ රැඳී සිටීමට සමත්විය. පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්ව වසරක තරග තහනමකට ලක්වීම හේතුවෙන් විරාට් කෝලී ඔහු පසුකරමින් ශ්‍රේණිගත කිරීම්හී පෙරමුණ ගැනීමට සමත්විය.

තරග තහනමෙන් පසුව නැවත ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමට පැමිණෙනවිට ශ්‍රේණිගත කිරීම්හී සිවුවැනි ස්ථානයේ පසුවූ ස්ටීවන් ස්මිත් එංගලන්තට එරෙහිව පැවැති පළමු තරගයේදී ශතක 2 ක් සහ දෙවැනි තරගයේදී ලකුණු 92 ක් ලබාගැනිමට සමත්විය. ටෙස්ට් තරගවලිදී ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 63.20 කි.

දකුණු අප්‍රිකාවට එරෙහිව ඔක්තෝබර් 2 වැනිදා ඉන්දියාවේදී ආරම්භවන ටෙස්ට් තරගාවලියේදී ස්මිත්ට අභියෝගයක් ලබාදීමට කෝලීට අවස්ථාව හිමිවනු ඇත.

...


අදහස් (0)

කෝලි අභිබවා ස්මිත් පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.