Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කෝල්ට්ස් - එන්.සී.සී. සම ශූරයෝ
විස්සයි-20 තරගාවලිය

කෝල්ට්ස් - එන්.සී.සී. සම ශූරයෝ

editorial - 2023 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

උදෑසන සිටම වරින් වර පැවැති වර්ෂාව නිසා කොළඹ එස්.එස්.සී. පිටියේදී අද (11 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලියේ අවසන් මහ තරගය, එකම පන්දුවක් හෝ නොයවාම අතහැර දමන ලදි. තරගය අතහැර දැමීම හේතුවෙන් කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සහ එන්.සී.සී. ක්‍රීඩා සමාජය තරගාවලියේ සම ශූරයන් ලෙසින් නම්කරන ලදි.

තරගාවලියේ ශූරයන්ට වෙන්කර තිබූ රුපියල් ලක්‍ෂ 5 ක මුදලත්, අනු ශුරයන්ට වෙන්කර තිබූ රුපියල් ලක්‍ෂ 3 ක මුදලත් එකතු කර දෙපිලට බෙදීමෙන් එන්.සී.සී. සහ කෝල්ට්ස් කණ්ඩායම් වලට රුපියල් 400,000 බැගින් වන මුදල් ත්‍යාගයක් හිමිවේ.

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය මේ වසරේදී ඔවුන්ගේ 150 වැනි සංවත්සරය සමරන, ශ්‍රී ලංකාවේ පැරණිතම ක්‍රීඩා සමාජයකි.

තරගය පෙරවරු 10.00 ට ආරම්භ කිරීමට නියමිතය තිබූ නමුත් වර්ෂාව හේතුවෙන් එය පස්වරු 2.00 ට ආරම්භ කිරීමට තීරණය විය. කාසියේ වාසිය දිනාගත් එන්.සී,සී. කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. එහෙත් තරගය ආරම්භ කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී නැවතත් වර්ෂාව පැමිණි හෙයින් තරගය අතහැර දමන ලදි.

 


අදහස් (0)

කෝල්ට්ස් - එන්.සී.සී. සම ශූරයෝ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.