Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
විස්සයි-20 තරගයකදී අපේක්‍ෂා කළ හැකි විශිෂ්ටතම පන්දු යැවීමක යෙදුණු කසුන් රාජිතගේ ආරම්භය හේතුවෙන් එල්.පී.එල් තරගාවලියේදී, අද (21 වැනිදා) පැවැති, පිළිමළුන් පිටුදැකීමේ කොටසේ දෙවැනි තරගයේදී ගාල්ල ග්ලැඩියේටර්ස් පිල කඩුලු 7 කින් පරාජය කළ කොළඹ ස්ටාර්ස් ක්‍රීඩකයෝ දෙවැනි කඩයිම් තරගයට පැනගත්හ. ඒ අනුව හෙට (22 වැනිදා) කොළඹ ස්ටාර්ස් කණ්ඩායමත් මහනුවර ෆෝල්කන්ස් කණ්ඩායමත් අතර තරගයේ ජයග්‍රාහකයන් එල්.පී.එල්. තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගනු ඇත.
තරගය ආරම්භ වීමට පෙර සිටම වර්ෂාවෙන් බාධා පැමිණි හෙයින් තරගය ඕවර 18 කට සීමා කෙරිණ. ඕවර 18 ක් නිමාවේදී, කඩුලු 9 ක් අහිමිකරගෙන සිටි ගාල්ල ක්‍රීඩකයන්ට ලබාගත හැකිවූයේ ලකුණු 108 ක් පමණි. පහසු ඉලක්කයක් කරා ගියද අතරමගදී තරමක් කඩතොළුව ගිය කොළඹ ඉනිම පිළිසකර කළ රවී බොපාරා සහ ඇන්ජලෝ මැතිව්ස් එක්ව ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් කොළඹ පිල කඩුල්ලෙන් එතෙර කළහ.
ගාල්ල ඉනිමේ පන්දු 108 න් වාර්තා වූයේ හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් පමණි.
ග්ලැඩියේටර්ස් පිල වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ සහන් ආරච්චිගේ පන්දු 31 කට මුහුණ දෙමින් ලකුණු 53 ක් ලබාගත්තේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් ද සිය ඉනිමට ඇතුළත් කරමිනි. වෙනත් කිසිම පිතිකරුවකුගෙන් සහන්ට සහයෝගයක් නොලැබිණ.
කසුන් රාජිතට (4-1-09-2) පමණක් දෙවැනි වන පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් නබී සිය ඕවර 4 දී ලකුණු 20 කට කඩුලු 2 ක් දවාගත්තේය.
ගාල්ල ග්ලැඩියේටර්ස් - ඕවර 18 කදී කඩුලු 9 ක් දැවී 108 යි
(සහන් ආරච්චිගේ 53, ඉමාඩ් වසිම් 17, කසුන් රාජිත 09/2, මොහොමඩ් නබී 20/2, බෙනී හොවෙල් 17/3)
කොළඹ ස්ටාර්ස් - ඕවර 16.5 කදී කඩුලු 3 ක් දැවී 109
(දිනේෂ් චන්දිමාල් 13, නිශාන් මධුෂ්ක 13, චරිත් අසලංක 10, රවී බොපාරා නොදැවී 43, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 20)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.