Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ආසියානු කි‍්‍රකට් සභාව සංවිධානය කරන යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අතර සාජා කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (28 වැනිදා) පැවැති තරගය කොවිඞ්-19 වයිරසයේ බලපෑම හේතුවෙන් අතරමග නතර කර දැමිණ.
ඒ සම්බන්ධයෙන් ආසියානු කි‍්‍රකට් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තරගයට සම්බන්ධ නිලධාරීන් දෙදෙනකු කොව්ඞ්-19 අසාදිත බවට තහවුරු වීම හේතුවෙන් තරගය අතරමග නතර කිරීමට සිදුවූ බවය. එම නිලධාරීන් දෙදෙනා සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමෝපායන් යටතේ නිරෝධාන ක‍්‍රියාවලියකට ලක්කරන බවත්, තරගයට සම්බන්ධ වූ සියලූම පිරිස් යළිත් වරක් පරීක්ෂණයකට භාජනය කරන බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් විය.
තරගය විසඳුමකින් තොරව අවසන් වීම නිසා කණ්ඩායම් දෙකටම ලකුණු 1 බැගින් හිමිවූ අතර අපරාජිත බව රැකගනිමින් අවසන් පූර්ව වටයට පිවිසීමටද අවස්ථාව උදා විය. කෙසේ වුවත් මෙම තරගයට පෙර ‘බී’ කාණ්ඩයේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවූ බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට මෙම තරගය විසඳුමකින් තොරව අවසන්වීම නිසා තවදුරටත් එම කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට හැකි විය.
මූලික වටයේ තරග අවසානයේ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණගත් පාකිස්තානය යොවුන් කණ්ඩායමට එරෙහිව ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අවසන් පූර්ව වටයේදී තරග වැදීමට නියමිතය. ‘බී’ කාණ්ඩයේ පෙරමුණගත් බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට අවසන් පූර්ව වටයේදී තරග වැදීමට නියමිතව ඇත්තේ ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකරගත් ඉන්දීය යොවුන් කණ්ඩායමට එරෙහිවය.
තරගාවලියේ අවසන් පූර්ව තරග අනිද්දා (30 වැනිදා) අන්තර් ජාතික කි‍්‍රකට් විද්‍යායතන කී‍්‍රඩාංගණයේදී සහ සාජා කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදීත්, අවසන් මහ තරගය 31 වැනිදා ඩුබායි ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතය. කෙසේ වුවත් පවතින තත්ත්වය මත එම තරග පැවැත්වෙන දින වකවානු සහ කී‍්‍රඩාංගණ වෙනස් වීමටද ඉඩ තිබේ.
අද පැවැති තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම ඕවර 32.4 ක් අවසානයේ තරගය නතර කරන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 130 ක් ලබා සිටියේය. අරිෆුල් ඉස්ලාම් හතරේ පහරක් සමග නොදැවී ලකුණු 19 ක්ද, මොහොමඞ් ෆාහීම් හයේ පහරක් සමග නොදැවී ලකුණු 27 ක්ද රැුස්කරමින් ඒ වන විට පන්දුවට පහරදෙමින් සිටියහ.
මුලූ ලකුණු සංඛ්‍යාව 26 ක් වන විට බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු කී‍්‍රඩාගාරය වෙත හරවා යැවීමට පිට දඟ පන්දු යවන කී‍්‍රඩක ටේරවීන් මැතිව් සමත් විය. ඉන් අනතුරුව කි‍්‍රයාත්මක වූ නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 17 කට කඩුලූ 2 ක් දවාගනිමින් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම තවත් පීඩනයට පත් කළේය.
බංග්ලාදේශ යොවුන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නව්රෝස් නබිල් පන්දු 64 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 45 ක් රැුස්කළ අතර අයිච් මෝලා පන්දු 45 කදී ලකුණු 24 ක් රැුස්කළේ හතරේ පහර 2 ක් සමගිනි. ඔවුන් දෙදෙනා එක්ව සිය කණ්ඩායමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 80 කදී ලකුණු 55 ක සම්බන්ධතාවක්ද ගොඩනැගූහ.
බංග්ලාදේශ යොවුන් පිල - ඕවර 32.4 කදී කඩුලූ 4 කට 130
(නව්රෝස් නබිල් 45, අයිච් මෝලා 24, අරිෆුල් ඉස්ලාම් නොදැවී 19, මොහොමඞ් ෆාහීම් නොදැවී 27, ටේරවීන් මැතිව් 17/2, දුනිත් වෙල්ලාලගේ 17/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.