Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (4 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 5 ක තියුණු ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය. කොල්කටා කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ සිවුවැනි ජය මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 172 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 166 ක් පමණි. ජයග්‍රහණය සඳහා හයිද්‍රාබාද් කණ්ඩායමට අවසන් ඕවරයේදී ලකුණු 9 ක් අවශ්‍යව තිබුණද, කඩුල්ලක් දවාගනිමින් එම ඕවරය ලකුණු 3 කට සීමා කළ වරුන් චක්‍රවර්ති කොල්කටා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
හයිද්‍රාබාද් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක ඒඩ්න් මාක්‍රම් පන්දු 40 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 41 ක්ද, හෙන්රිච් ක්ලාසන් පන්දු 20 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 36 ක්ද රැස්කළ නමුත් ඔවුන්ට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 171 ක් ලබා ගත්තේය. නායක නිතිෂ් රානා හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග පන්දු 31 කින් ලකුණු 42 ක්ද, රිංකු සිං හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග පන්දු 35 කින් ලකුණු 46 ක්ද රැස්කරමින් කොල්කටා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
කොල්කටා නයිට් රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 171
(ජේසන් රෝයි 20, නිතිෂ් රානා 42, රිංකු සිං 46, ඔන්ඩි්‍ර රසල් 24, මාර්කෝ ජැන්සන් 24/2, ටී. නටරාජන් 30/2)
සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 166
(මායන්ක් අගර්වාල් 18, රාහුල් ත්‍රිපාට් 20, ඒඩ්න් මාක්‍රම් 41, හෙන්රික් ක්ලාසන් 36, අබ්දුල් සමාඩ් 21, ශර්ධුල් ඨාකූර් 23/2, වයිභව් අරෝරා 32/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.