Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 53 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (4 වැනිදා) පැවැති තරගයෙන් ලකුණක ජයක් වාර්තා කිරීමට කොල්කටා කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 206 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 205 ක් පමණි. වේගවත් පිතිහරඹයක නිරත නායක රියාන් පරාග් පන්දු 45 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 95 ක් රැස්කළද ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.
ආරම්භක පිතිකරු යශස්වි ජයිස්වාල් පන්දු 21 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 34 ක්ද, ශිම්රන් හැට්මෙයර් පන්දු 23 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 29 ක්ද රැස්කළ අතර අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ ශුභම් ඩූබේ පන්දු 14 කින් නොදැවී ලකුණු 25 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 206 ක් ලබාගත් අතර කොල්කටා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඔන්ඩි්‍ර රසල් පන්දු 25 කින් නොදැවී ලකුණු 59 ක් රැස්කළේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. අන්ග්ක්‍රිෂ් රඝුවංෂි පන්දු 31 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 44 ක් රැස්කළේය.
ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක්ද, නායක අජින්ක්‍යා රහනේ පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 30 ක්ද රැස්කරමින් කොල්කටා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර අවසන් ඕවර කිහිපයේදී පන්දු 6 කට මුහුණදුන් රිංකු සිං හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 19 ක් රැස්කළේය.
කොල්කටා නයිට්යිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 206
(රහ්මනුල්ලා ගුර්බාස් 35, අජින්ක්‍යා රහනේ 30, අන්ග්ක්‍රිෂ් රඝුවංෂි 44, ඔන්ඩි්‍ර රසල් නොදැවී 57, රිංකු සිං නොදැවී 19)
රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 205
(යශස්වි ජයිස්වාල් 34, රියාන් පරාග් 95, ශිමරන් හැට්මෙයර් 29, ශුබම් ඩූබේ නොදැවී 25, වරුණ් චක්‍රවර්ති 32/2, හර්ෂිත් රානා 41/2, මුයින් අලී 43/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.