Last Update  :  2025-08-24 20:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොමාර්ෂල් ක්‍රෙඩිට් ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනයි

කොමාර්ෂල් ක්‍රෙඩිට් ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනයි

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය 12 වැනි වරටත් සංවිධානය කරන ‘රාම් රත්නවෙල් අනුස්මරණ කුසලාන’ වෙළෙඳ සේවා පැසිපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ කාන්තා ශූරතාව දිනාගැනීමට කොමාර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම සමත් විය.

තිඹිරිගස්යාය, හෙන්රි ප්‍රේද්‍රිස් පැසිපන්දු ක්‍රීඩාගංණයේදී පැවැති අවසන් මහ තරගයේදී හැටන් නැෂිනල් කණ්ඩායමට එරෙහිව ලකුණු 50-49 ක තියුණු ජයක් වාර්තා කරමින් කොමාර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩිකාවෝ එම ශූරතාවට හිමිකම් කීහ.

තරගයේ පළමු අර්ධය නිමාවන විට ලකුණු 28-21 ක් ලෙස ලකුණු 7 ක් ඉදිරියෙන් සිටිමට කොමාර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම සමත් වුවද, දෙවැනි අර්ධය නිමාවන විට එම පරතරය එක් ලකුණක් දක්වා අඩුකර ගැනීමට හැටන් නැෂිනල් කණ්ඩායමට හැකි විය.

අවසන් මහ තරගයේදී කොමාර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම වෙනුවෙන් ඉමේෂා තත්සරණි ලකුණු 17 ක් සහ සොලංගි ගුණවිජය ලකුණු 15 ක් රැස්කළ අතර හැටන් නැෂිනල් කණ්ඩායම වෙනුවෙන් ඩිලානි ප්‍රනාන්දු ලකුණු 17 ක් රැස්කළාය.  

කොමාර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමේ ඉමේෂා තත්සරණි අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත්, එම කණ්ඩායමේම සොලංගි ගුණවිජය ‘ඒ’ කාණ්ඩයේ වටිනාම ක්‍රීඩිකාව ලෙසත් සම්මාන දිනාගත්හ.

 


අදහස් (0)

කොමාර්ෂල් ක්‍රෙඩිට් ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.