Last Update  :  2025-12-17 19:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොන්දේසි මාලාවට කී‍්‍රඩකයෝ එකග වෙති

කොන්දේසි මාලාවට කී‍්‍රඩකයෝ එකග වෙති

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 9 Comment
A A A

අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් මෙහෙයවනු ලබන තරගාවලිවලට සහභාගි වීමේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ගෙවනු ලබන මුදලින් කොටසක් ඉල්ලා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සමග වාද කළ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ ටෙස්ට් සහ එක්දින තරගාවලියක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව යාමට පෙර අද (24 වැනිදා) අලූයම අදාළ ගිවිසුමට අත්සන් කළහ.

එහිදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ස්ථාවරය වූයේ මෙම ‘සංචිත කොන්දේසි මාලාවට’ අත්සන් නොකරන්නේ නම් කිසිදු කී‍්‍රඩකයකු බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට්, එක්දින සහ වි:20 තරග වලින් සමන්විත ද්විපාර්ශ්වික තරගාවලිය සඳහා නොයවන බවත් ඒ සඳහා වෙනත් කී‍්‍රඩකයන් ආදේශ කරන බවත්ය.

සංචිත කොන්දේසි මාලාව අදාළ වන්නේ අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරගාවලි සඳහාය. එවන් තරගාවලියක් ආරම්භ වීමට දෙමසකට පෙර සිට තරගාවලිය අවසන් වීමෙන් පසු මාස දෙකක් දක්වා කී‍්‍රඩකයන්ගේත් කණ්ඩායම් නිලධාරීන්ගේත් ඡයාරූප වල අයිතිය අන්තර්ජාතික කි‍්‍රකට් සභාව සහ එහි නිල අනුග‍්‍රාහකයන් විසින් භාවිතා කරනු ලැබීමට කැමැත්ත ප‍්‍රකාශ කිරීම සඳහා කී‍්‍රඩකයන් මෙම ‘සංචිත කොන්දේසි මාලාවට’ අත්සන් තැබිය යුතුය.

මෙම කාලය තුළදී වෙනත් ආයතනවල දැන්වීම් සඳහා පෙනී සිටීමේ අයිතිය කී‍්‍රඩකයන්ට අහිමි වන හෙයින් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවෙන් ප‍්‍රදානය කෙරෙන මුදලින් 20% ක් තමන්ට හිමිවිය යුතු යයි කී‍්‍රඩකයෝ කියා සිටිති.
 
ද්විපාර්ශ්වික තරගාවලියක් සඳහා බංග්ලාදේශයට ගොස් සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම ටෙස්ට් සහ එක්දින තරගාවලියෙන් අනතුරුව ආසියානු කුසලාන තරගාවලිය සඳහා බංග්ලාදේශයේම රැඳී සිටිනු ඇත. එහෙත් වි:20 ලෝක කුසලාන තරගාවලිය සහ ආසියානු කුසලාන තරගාවලිය අතර දින කිහිපයක පරතරයක් පැවැත්වෙන බැවින් ලෝක කුසලාන තරගාවලියට පොරතුව ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිත බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් මෙහෙයවනු ලබන තරගාවලිවලට සහභාගි වීමේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ගෙවනු ලබන මුදලින් කොටසක් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට ගෙවීමේ එකගතාවක් වසර කිහිපයකට ඉහතදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ගේ වාර්ෂික ගිවිසුම් සඳහා ඇතුළත් කර තිබිණ. එහෙත් පසුගිය වසරේ කී‍්‍රඩකයන්ගේ වාර්ෂික ගිවිසුම් වලින් එම ගෙවීම් ඇතුළත් කොන්දේසිය ඉවත් කිරීම සම්බන්ධයෙන් කී‍්‍රඩකයෝ දැඩි නොසතුටෙන් සිටියහ.

මෙවරත් කී‍්‍රඩකයන්ගේ වෑයම වූයේ වසර 2014-15 තරග සමය සඳහා කී‍්‍රඩකයන්ගේ වාර්ෂික ගිවිසුම් සකස් කිරීමේදී එම ගෙවීම් ඇතුළත්කර ගිවිසුම සකස් කර ගැනීමයි. එහෙත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරීහු ඊට එකග නොවූහ.

කී‍්‍රඩකයන්ගේ වාර්ෂික ගිවිසුම් පෙබරවාරි මාසයේදී අවසන් වීමට නියමිත අතර විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියට යාමට පෙර ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සියලූම කී‍්‍රඩකයන් වාර්ෂික ගිවිසුම් සඳහා අත්සන් කළ යුතු බවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කියයි.

”ඔවුන්ට අපි කොන්ත‍්‍රාත් මුදල් ගෙවන්නේ ඒ මුදලින් තමයි”

”අපි ඔවුන්ගේ ත්‍යාග මුදල් 100% ක්ම දෙනවා. ලෝක කුසලාන තරගාවලි සඳහා සහභාගි වීමෙන් ලැබෙන මුදලින් 25% ක් දෙනවා.. රූපවාහිනී අයිතිවාසිකම් වෙනුවෙන් ලැබෙන මුදලින් 25% ක් දෙනවා..වෙනත් අනුග‍්‍රාහක මුදල් වලින් 25% කුත් තවත් දීමනා බොහොමත් දෙනවා”

”කෙටියන් කියතොත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සම්පූර්ණ ආදායමෙන් 40% ක් බෙදී යන්නේ ජාතික කණ්ඩායමේ සිටින කී‍්‍රඩකයන් 15 ක් 20 ක් දෙනකු අතරේයි” යයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලධාරියකු ‘ඬේලි මිරර්’ පුවත් පතට පවසා තිබිණ.

එම නිලධාරියා ඬේලි මිරර් පුවත් පතට වැඩිදුරටත් පවසා තිබුණේ සංවර්ධන කටයුතු කොතෙකුත් තිබියදී එවන් තත්ත්වයක් තිබියදී කී‍්‍රඩකයන් වැඩි වැඩියෙන් ඉල්ලීම අසාධාරණ බවයි.

 


අදහස් (9)

කොන්දේසි මාලාවට කී‍්‍රඩකයෝ එකග වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.