Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි සබීනා උද්‍යාන ක්‍රීඩාංගණයේදී ඊයේ (14 වැනිදා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. කෙසේ වුවත් දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට නවසීලන්තයට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 146 ක ඉලක්කයක් හඹාගිය කොදෙව්වෝ පන්දු 6 ක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 27 ක් රැස්කළ නායක රෝමන් පවෙල් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. ජේම්ස් නීෂම් යැවූ කොදෙව් ඉනිමේ 19 වැනි ඕවරයේ අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කරමින් පවෙල් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ බ්‍රෙන්ඩන් කිං (53) සහ ශාමර් බෘක්ස් (නොදැවී 56) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 84 කදී ලකුණු 102 ක සම්බන්ධතාවක් ගොඩනගමින් කොදෙව් පිලේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. ටිම් සවුතිගේ පන්දුවක හමුවේ මාටින් ගප්ටිල් අතට උඩ පන්දුවක් දෙමින් බ්‍රෙන්ඩන් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය.
පන්දු 35 කදී වාර්තා වූ බ්‍රෙන්ඩන්ගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින්ද, පන්දු 59 කදී වාර්තා වූ බෘක්ස්ගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින්ද සමන්විත විය. ඉෂ් සෝධිගේ පන්දුවක් හමුවේ දැවී යන විට තෙවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඩෙවෝන් තෝමස් ලබා සිටියේ ලකුණු 5 ක් පමණි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 145 ක් ලබාගත්‍තේය. නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ග්ලේන් පිලිප්ස් පන්දු 26 කදී ලකුණු 41 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. නායක කේන් විලියම්සන් පන්දු 27 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 24 ක් රැස්කළේය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඔඩේන් ස්මිත් ලකුණු 29 කට කඩුලු 3 ක් දවාගත් අතර ඊට ග්ලේන් පිලිප්ස්ගේ කඩුල්ලද ඇතුළත් විය. නවසීලන්ත කණ්ඩායමේ ආරම්භය අඩාල කර දැමූ අකීන් හොසේන් මුලු ලකුණු සංඛ්‍යාව 48 ක් වන විට මාටින් ගප්ටිල් (15) සහ මිචෙල් සෑන්ට්නර් (13) පිටියෙන් ඉවත් කිරීමට සමත් විය.
නවසීලන්ත පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 145
(මාටින් ගප්ටිල් 15, ඩෙවෝන් කොන්වේ 21, කේන් විලියම්සන් 24, ග්ලේන් පිලිප්ස් 41, ඔඩේන් ස්මිත් 29/3, අකීල් හොසේන් 28/2)
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 19 කදී කඩුලු 9 කට 150
(බ්‍රෙන්ඩන් කිං 53, ශාමර් බෘක්ස් නොදැවී 56, රෝමන් පවෙල් නොදැවී 27)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.