
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සී’ කාණ්ඩය යටතේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී නේපාලයට එරෙහිව කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත් විය. මෙම ජයත් සමග අපරාජිතව තවදුරටත් ‘සී’ කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමටද කොදෙව් පිලට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 134 ක ඉලක්කයක් හඹාගිය කොදෙව්වෝ ඕවර 15.2 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. නායක ශායි හෝප් (නොදැවී 61) සහ ශිම්රන් හෙට්මෙයර් (නොදැවී 46) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 59 කදී ලකුණු 91 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් කොදෙව් කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ.
එහිදී පන්දු 44 කට මුහුණදුන් හෝප් හයේ පහර 3 කින් සහ හතරේ පහර 5 කින් සිය 10 වැනි විස්සයි-20 අර්ධ ශතකය සැරසූ අතර පන්දු 32 කදී වාර්තා වූ හෙට්මෙයර්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය. ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් කිං පන්දු 17 කින් ලකුණු 22 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු 133 කට සීමා කිරීමට ජේසන් හෝල්ඩර් ප්‍රමුඛ කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ හෝල්ඩර් සිය ඕවර 4 ලකුණු 27 කට සීමා කරමින් කඩුලු 4 ක් බිඳහෙළීමට සමත් විය. මෙම කඩුලු 4 ත් සමග මෙවර තරගාවලියේදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 7 ක් දක්වා ඉහළ ගියේය.
මැතිව් ෆෝඩ්, රොස්ටන් චේස්, ගුඩකේෂ් මෝති සහ අකීල් හොසේන් කඩුල්ල බැගින් දවාගනිමින් නේපාල ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා හෝල්ඩර්ට අනගි සහායක් දුන්හ. නේපාල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ දීපේන්ද්‍ර සිං පන්දු 47 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 58 ක් රැසකළේය. සෝම්පාල් කාමි පන්දු 15 කින් නොදැවී ලකුණු 26 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.
නේපාලය - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 133
(දීපේන්ද්‍ර සිං 58, සෝම්පාල් කාමි නොදැවී 26, ජේසන් හෝල්ඩර් 27/4)
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 15.2 කදී කඩුල්ලක් දැවී 134
(බ්‍රෙන්ඩන් කිං 22, ශායි හෝප් නොදැවී 61, ශිම්රන් හෙට්මෙයර් නොදැවී 46)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.