සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ නවසීලන්තය අතර නවසීලන්තයේ මවුන්ට් මන්ගනුයි නුරව බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (19 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ සිය පළමු ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 110 ක් ලබා සිටියහ.
ඒ අනුව දෙවැනි දිනය අවසානයේ කොදෙව්වන් කඩුලු 10 ම අතැතිව නවසීලන්තයට වඩා ලකුණු 465 ක් පසුපසින් සිටි අතර ඒ වන විට කෙදෙව් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ බ්‍රෙන්ඩන් කිං හතරේ පහර 9 ක් සමග ලකුණු 55 ක්ද, ජෝන් කැම්බල් හතරේ පහර 7 ක් සමග ලකුණු 45 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.
පළමු දිනය සඳහා ඊයේ (18) ක්‍රීඩාව නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 334 ක් ලබා සිටි නවසීලන්ත ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 241 ක් එක්කරගත්හ. එහිදී අගනා ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට ආරම්භක පිතිකරු ඩොවෝන් කොන්වේ (227) සමත් වූ අතර ඔහුගේ ඉනිම හතරේ පහර 31 කින් සමන්විත විය.
කේන් විලියම්සන් (29) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කොන්වේ, ඉන් නොනැවතී රචින් රවින්ද්‍ර (නොදැවී 72) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් නවසීලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 500 න් ඔබ්බට ගෙනයෑම සඳහා මග පෑදුවේය.
නවසීලන්ත පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 575
(ටොම් ලේතම් 137, ඩෙවොන් කොන්වේ 227, කේන් විලියම්සන් 31, රචින් රවින්ද්‍ර 72, ග්ලේන් පිලිප්ස් 29, අජාස් පටේල් නොදැවී 30, ජස්ටින් ග්‍රේව්ස් 83/2, ජේඩ්න් සීල්ස් 100/2, ඇන්ඩසන් පිලිප් 154/2)
කොදෙව් පළමු ඉනිම - කිසිවකු නොදැවී 110
(ජොන් කැම්බල් නොදැවී 45, බ්‍රෙන්ඩන් කිං නොදැවී 55)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.