Last Update  :  2025-07-26 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොදෙව්වන් පරදවමින් ඉන්දියාව අංක 1 ට

කොදෙව්වන් පරදවමින් ඉන්දියාව අංක 1 ට

editorial - 2022 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සූර්යකුමාර් යාදව් ...

සූර්යකුමාර් යාදව් සහ වෙන්කටේෂ් අයියර් දෙදෙනාගේ දස්කම් හේතුවෙන් කොදෙව් පිලට එරෙහිව කොල්කටාවේදී පැවැති තුන්වැනි සහ අවසන් විස්සයි-20 අන්තර්ජාතික තරගයේදී ලකුණු 17 ක ජයක් අත්කරගත් ඉන්දියාව විස්සයි-20 තරගාවලියද 3-0 ක් ලෙසින් ජයගත්තේය. ඊට පෙර පැවැති එක්දින තරගාවලියේදීත් ඉන්දියානුවෝ කොදෙව් පිල පරදවමින් 3-0 ක ජයක් ලදහ.

කාසියේ වාසිය අහිමි වූ ඉන්දීය පිලට පළමුවෙන් පන්දුවට පහර දීමට සිදුවිය. 14 වැනි ඕවරයේදී නායක රෝහිත් ෂර්මා දැවී යන විටත් ලකුණු පුවරුවේ සටහන්ව තිබුණේ ලකුණු 93 ක් පමණි. පසුව සූර්යකුමාර් යාදව් (65) සහ අයියර් (නොදැවී 35) එක්ව ලකුණු 91 ක සම්බන්ධතාවක් පවත්වමින් ඉන්දිය ලකුණු සංඛ්‍යාව 184 දක්වා ඉහළ දැමූහ.

පිතිහරඹයෙන් නොනැවතුණු වෙන්කටේෂ් අයියර්, කඩුලු දෙකක්ද දවාගනිමින් කොදෙව් පිල ලකුණු 169 කට සීමා කළේය. මෙම ජයග්‍රහණයත් සමගින් විස්සයි-20 අන්තර්ජාතික ශ්‍රේණිගතකිරීම් අතරේ එංගලන්ත පිල දෙවැනි තැනට ඇද දමමින් ඉන්දියාව පෙරමුණ ගෙන තිබේ.

“අවසන් තරග දෙකේදීම අපට කිසියම් ලකුණු සංඛ්‍යාවක් ආරක්‍ෂා කරගන්න තිබුණා. අපි ඒක හොඳින් කළා”

“ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී අපිට මෙතන සිටින ක්‍රීඩකයන් කිහිපදෙනකු අහිමි වෙනවා. එත් ලෝක කුසලාන තරගාවලිය ඉදිරියේ එන නිසා අපි ඔවුන්ව වෙහෙසට පත් නොකර තියාගන්න උත්සාහ කරනවා” යයි ඉන්දීය නායක රෝහිත් ෂර්මා පැවසීය.

කොදෙව් කඩුලු රකින්නා වන නිකලස් පූරන් ලකුණු 61 ක් ලබාගනිමින් ඉලක්කය කරා යාමේ බලාපොරොත්තු දැල්වූයේය. එහෙත් ශර්දුල් ඨාකූර් එම සම්බන්ධතාව බිඳ දමමින් කොදෙව් බලාපොරොත්තු සුන්කර දැම්මේය. සාර්ථක පන්ද යැවීමක නිරත වූ හර්ෂාල් පතෙල් ලකුණු 22 කට කඩුලු 3 ක් දවාගත්තේය.


ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 184 යි
(ඉෂාන් කිෂාන් 34, ශ්‍රෙයාස් අයියර් 25, සූර්යකුමාර් යාදව් 65, වෙන්කටේෂ් අයියර් 35, ජේසන් හෝල්ඩර් 29/1, රොස්ටන් චේස් 23/1)

බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 20 කදී කඩුලු 9ට 169
(නිකලස් පූරන් 61, රෝමන් පවෙල් 25, රොස්ටන් චේස් 12, රොමාරියෝ ෂෙපර්ඩ් 29, දීපාක් චහාර් 15/2, වෙන්කටේෂ් අයියර් 23/2, ශර්දුල් ඨාකූර් 33/2, හර්ෂාල් පතෙල් 22/3)

වෙන්කටේෂ් අයියර්...

- 213


අදහස් (0)

කොදෙව්වන් පරදවමින් ඉන්දියාව අංක 1 ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.