Last Update  :  2025-12-03 17:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොදෙව් පළමු ඉනිම 167 කට සීමාවෙයි

කොදෙව් පළමු ඉනිම 167 කට සීමාවෙයි

editorial - 2025 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ නවසීලන්තය අතර ක්‍රයිස්ට්චර්ච් නුවර හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දින වූ අද (3 වැනිදා) කොදෙව් පළමු ඉනිම ලකුණු 167 කට සීමා කිරීමට ජෙකෝබ් ඩෆී ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. 

එහිදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම සනිටුහන් කළ ඩෆී ලකුණු 34 කට කඩුලු 5 ක් බිඳහෙළීමට සමත් විය. කොදෙව් ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඩෆීට අනගි සහායක් දුන් මැට් හෙන්රි ලකුණු 43 කට කඩුලු 3 ක්ද, සකාරි ෆෝල්ක්ස් ලකුණු 32 කට කඩුලු 2 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 

සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයන්හි නිරත වූ ආරම්භක පිතිකරු ටැජනරින් චන්ද්‍රපෝල් (52) සහ හිටපු නායක ශායි හෝප් (56) කොදෙව් කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ. එහිදී චන්ද්‍රපෝල්ගේ ඉනිම හතරේ පහර 3 කින්ද, හෝප්ගේ ඉනිම හතරේ පහර 4 කින්ද සමන්විත විය. 

ලකුණු 64 ක වාසියක් සමග දෙවැනි ඉනිම ආරම්භ කළ නවසීලන්ත ක්‍රීඩකයෝ, දෙවැනි දිනය සඳහා ක්‍රීඩාව නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 32 ක් ලබා සිටියේය. ඒ වන විට ආරම්භක පිතිකරුවන් වූ නායක ටොම් ලේතම් හතරේ පහරක් සමග ලකුණු 14 ක්ද, ඩෙවෝන් කොන්වේ හතරේ පහර 3 ක් සමග ලකුණු 15 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. 

පළමු දිනය වූ ඊයේ (1 වැනිදා) තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 231 ක් ලබා සිටි නවසීලන්ත කණ්ඩායමට අද දිනයේදී සිය ලකුණු පුවරුවට එකදු ලකුණක් හෝ එක්කර ගැනීමට නොහැකි විය. ජේඩ්න් සීල්ස්ගේ පන්දුවක් හමුවේ සකාරි ෆෝල්ක්ස් දැවී යෑමත් සමග නවසීලන්ත පළමු ඉනිම නිමාවට පත් විය. 


නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 231 
(ටොම් ලේතම් 24, කේන් විලියම්සන් 52, ටොම් බ්ලන්ඩල් 29, මයිකල් බ්‍රාස්වෙල් 47, නේතන් ස්මිත් 23, ඔජේ ශීල්ඩ්ස් 34/2, ජස්ටින් ග්‍රේව්ස් 35/2, ජේඩන් සීල්ස් 44/2, කේමර් රෝච් 47/2) 

කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 167 
(ටැජනරින් චන්ද්‍රපෝල් 52, ශායි හෝප් 56, ජෙකෝබ් ඩෆී 34/5, මැට් හෙන්රි 43/3, සකාරි ෆෝල්ක්ස් 32/2) 

නවසීලන්ත දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 32 
(ටොම් ලේතම් නොදැවී 14, ඩෙවෝන් කොන්වේ නොදැවී 15) 

-036 


අදහස් (0)

කොදෙව් පළමු ඉනිම 167 කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.