Last Update  :  2024-05-09 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කුසලානයට අත පොවන දුරින් සිට

කුසලානයට අත පොවන දුරින් සිට

රොෂාන් ගුණරත්න - 2018 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ඩයලොග් ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලිය නිමාවට පත් කරමින් රිනවුන් කණ්ඩායම හා කොළඹ පාපන්දු සමාජ කණ්ඩායම අතර තරගය ඉරිදා (14) පස්වරු 6.30ට රීඞ් මාවත තුරඟ තරග පිටියේදී පැවැත්වේ. මෙවර තරගාවලියේ 145 වැනි තරගයද වන මෙහි විශේෂත්වය තරගාවලියද නිමවට පත්කරමින් පැවැත්වෙන තරගයේ ජයග්‍රාහකයා තරගාලියේද ශූරයන් පත්වීමය.


කුසලානය දිනාගැනීමට හෙට තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන රිනවුන් කණ්ඩායමට ප්‍රමාණවත්ය. එහෙත් ප්‍රතිවාදී කොළඹ කණ්ඩායමට කුසලාන දිනාගැනීමට මෙම තරගයේ ජයග්‍රහණය හැරෙන්නට වෙනත් විකල්පයක් නොමැත. ඒ අනුව හෙට තරගය රිනවුන් කණ්ඩායමට මෙන්ම ප්‍රතිවාදී කොළඹ කණ්ඩායමටද ඔවුන්ගේ ගෞරවය රැක ගැනීම සඳහා එකසේ තීරණාත්මක වනු ඇත.


මෙවර තරගාවලියේ අවසන් මොහොතේදී කොළඹ කණ්ඩායම මුහුණදී සිටින්නේ වඩාත් බරපතළ තත්ත්වයකටය. ඒ ගියවර ශූරතාව දිනාගත් කණ්ඩායම වන බැවින් තමන් සතු ශූරතාව ආරක්ෂා කර ගැනීම ඔවුන්ට එල්ලවී තිබෙන අභියෝගයයි. කෙසේ වෙතත් කොළඹ ක්‍රීඩකයෝ පසුගිය තරගාවලියේදීත් මෙම අත්දැකීමට මුහුණ දුන්හ. එවරත් කුසලාන හිමිකරුවා තීරණය කළ තරගාවලිය නිමාවට පත් කෙරුණු එම තරගයෙන් සිය ප්‍රතිවාදීන් වූ රිනවුන් කණ්ඩායම පරාජය කිරීමට කොළඹ ක්‍රීඩකයෝ සමත් වූහ.


හෙට තරගය අභියෝගයක් කර නොගෙනම මෙවර ශූරතාව තමන් සතුකර ගැනීමට තිබූ අවස්ථාවක් රිනවුන් කණ්ඩායම වෙතින් ගිහිලී ගියේය. ඒ ගුවන් හමුදා කණ්ඩායම සමග පැවැති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ බැවිනි. එම තරගයේදී රිනවුන් කණ්ඩායම ජය ගත්තේ නම් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන රිනවුන් කණ්ඩායමේ ලකුණු ගණන 41 ක් බවට පත්වේ. එවිට හෙට පැවැත්වෙන තරගය කොළඹ කණ්ඩායම ජය ගත්තත් ඔවුන්ගේ මුළු ප්‍රසාද ලකුණු ගණන 40 කට සීමාවන බැවින් එය මෙවර කුසලාන දිනාගැනීමට කොළඹ ක්‍රීඩා සමාජයට ප්‍රමාණවත් නොවන බැවිනි.


මෙම තරගාවලිය නිමාවට පත්වන විට තෙවැනි ස්ථානයේ පසුවන වෙන්නප්පුව නිව් යන්ග්ස් පිල හා කුරුණෑගල  පෙලිකන්ස් පිල තරගය පෙලිකන්ස් ක්‍රීඩකයන්ගේ නොපැමිණීමෙන් අත්හැර දැමුණි. අතරමග ගැටුම්කාරී තත්ත්වයකින් අත්හිටවූ සෝන්ඩර්ස් කණ්ඩායම හා පෙලිකන්ස් කණ්ඩායම අතර තරගයේද තීරණය ප්‍රකාශ වී නොතිබුණි. ඒ අතර සෝන්ඩර්ස් කණ්ඩායම හා කළුතර සුපර් සන් පිල අතර පැවැත්වෙමින් තිබියදී අත්හිටවූ තරගයේ ප්‍රතිපලය ද අත්හැර දමා තිබුණි.


මෙවර තරගාවලියේ මේ වනවිටත් අවසන් ස්ථාන දෙකට පත්වූ පොලිස් පිල හා මොරගස්මුල්ල පිල 2018 තරගාවලියෙන් ඉවත් කරන අතර එම ස්ථාන හිමි වන්නේ දැනට පැවැත්වෙමින් තිබෙන ප්‍රධානතම පළමු පෙල තරගාවලියේ ශූරයන් හා අනුශූරයන් වන කණ්ඩායම් දෙකටය.

 

කොළඹ පාපන්දු සමාජ කණ්ඩායම

රිනවුන් කණ්ඩායම


අදහස් (0)

කුසලානයට අත පොවන දුරින් සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.