Last Update  :  2025-05-29 20:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කුසල්ලාගේ ලාහෝර් පිල ශූරතාව දිනයි
පාකිස්තාන සුපිරි ලීගය

කුසල්ලාගේ ලාහෝර් පිල ශූරතාව දිනයි

editorial - 2025 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කණ්ඩායම් 6 ක සහභාගීත්වයෙන් පැවැති පාකිස්තාන සුපිරි ලීගයේ ශූරතාව දිනාගැනීමට ශහීන් ෂා අෆ්රිඩි නායකත්වය දරන ලාහෝර් ක්ලෑන්ඩර්ස් කණ්ඩායම ඊයේ (25 වැනිදා) සමත් විය. ඒ අවසන් මහ තරගයේදී ක්වේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කරමිනි. 

ලාහෝර් කණ්ඩායම පාකිස්තාන සුපිරි ලීගයේ ශූරතාව දිනූ තෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර 2022 සහ 2023 යන වසරවලදීද ඔවුන් පිට පිටම දෙවරක් එහි ශූරතාවට හිමිකම් කියා තිබේ. මෙවර තරගාවලියේ වීරයා ලෙස ක්වේටා කණ්ඩායමේ නවාස් හසන්ද, අවසන් තරගයේ වීරයා ලෙස ලාහෝර් කණ්ඩායමේ කුසල් පෙරේරාද සම්මාන දිනාගත්හ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 202 ක ඉලක්කයක් හඹාගිය ලාහෝර් ක්‍රීඩකයෝ පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. එහිදී ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ කුසල් පෙරේරා, පන්දු 31 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 62 ක් රැස්කරමින් ලාහෝර් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. 

සිකන්දර් රාසා (22) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 19 කදී ලකුණු 59 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රණය කරා ගෙන යෑමටද කුසල් සමත් විය. එහිදී පන්දු 2 කට මුහුණ දෙමින් වේගවත් පිතිහරඹයක නිරත වූ රාසා, හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සැරසුවේය. 

මොහොමඩ් නයීම් පන්දු 27 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 46 ක්ද, අබ්දුල්ලා ශෆීක් පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 41 ක්ද රැස්කරමින් ලාහෝර් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා දායකත්වය සැපයූහ. ලාහෝර් ඉනිමේ දෙවැනි කඩුල්ල සඳහා පන්දු 32 කදී ලකුණු 46 ක් එක් කිරීමටද ඔවුන් දෙදෙනා සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ක්වේටා කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 201 ක් ලබාගත් අතර එම කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ හසන් නවාස් පන්දු 43 කින් ලකුණු 76 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමගිනි. එහිදී අවිෂ්ක ප්‍රනාන්දු සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 67 ක සම්න්ධතාවක් ගොඩනැගීමටද නවාස් සමත් විය.

අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 22 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 29 ක්ද, ෆාහීම් අෂ්රෆ් පන්දු 8 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 28 ක්ද, දිනේෂ් චන්දිමාල් පන්දු 13 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 22 ක්ද, රිලී රූසොව් පන්දු 11 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 22 ක්ද රැස්කරමින් ක්වේටා ඉනිමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ. 

ක්වේටා ග්ලැඩියේටර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 201 
(රිලී රූසොව් 22, හසන් නවාස් 76, අවිෂ්ක ප්‍රනාන්දු 29, දිනේෂ් චන්දිමාල් 22, ශාහිම් අෂ්රෆ් 28, ශහීන් ෂා අෆ්රිඩි 24/3, හාරිස් රවුෆ් 41/2, සල්මන් මිර්සා 51/2) 

ලාහෝර් ක්ලෑන්ඩර්ස් පිල - ඕවර 19.5 කදී කඩුලු 4 කට 204 
(හොහොමඩ් නයීම් 46, අබ්දුල්ලා ශෆීක් 41, කුසල් පෙරේරා නොදැවී 61, භානුක රාජපක්ෂ 14, සිකන්දර් රාසා නොදැවී 22) 

-036 


අදහස් (0)

කුසල්ලාගේ ලාහෝර් පිල ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.