Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ යාපනය කිංග්ස් කණ්ඩායම අතර අද (18 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 16 ක ජයක් වාර්තා කිරීමට යාපනය කිංග්ස් කණ්ඩායම සමත් විය. මේ දක්වා සහභාගි වූ තරග 7 දී යාපනය කණ්ඩායම ලැබූ 5 වැනි ජයග්‍රහණය මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 171 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 154 ක් පමණි. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 45 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 58 ක් රැස්කළ නමුත් ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ බිනුර ප්‍රනාන්දු සිය ඕවර 4 ලකුණු 20 කට සීමා කරමින් කඩුලු 3 ක් බිඳහෙළු අතර ගාල්ල කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා බිනුරට අනගි සහායක් දුන් විජයකාන්ත් වියස්කාන්ත් සහ ජේම්ස් ෆුලර් කඩුලු 2 බැගින් දවාගත්හ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය කිංග්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 170 ක් ලබාගත්තේය. මෙවර තරගාවලියේදී යාපනය කණ්ඩායම වෙනුවෙන් සිය පළමු තරගයට ක්‍රීඩා කළ අෆීෆ් හොසේන් පන්දු 35 කින් ලකුණු 54 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගිනි.
ආරම්භක පිතිකරුවන් වූ රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 23 ක්ද, අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 15 ක් සමග හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 18 ක්ද රැස්කළ අතර සධීර සමරවික්‍රම පන්දු 28 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 32 ක් රැස්කළේය.
ගාල්ල ග්ලැඩියේටර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 154
(කුසල් මෙන්ඩිස් 58, නුවනිඳු ප්‍රනාන්දු 22, ඉෆ්තිකාර් අහමඩ් 23, ඉමාඩ් වසීම් 14, බිනුර ප්‍රනාන්දු 20/3, විජයකාන්ත් වියස්කාන්ත් 27/2, ජේම්ස් ෆුලර් 57/2)
යාපනය කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 170
(රහ්මනුල්ලා ගුර්බාස් 23, අවිෂ්ක ප්‍රනාන්දු 18, අෆීෆ් හොසේන් 54, සධීර සමරවික්‍රම 32, තිසර පෙරේරා 26, වහබ් රියාස් 37/3, නුවන් තුෂාර 31/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.