Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පි‍්‍රත්වි ෂෝගේ සහ ඬේවිඞ් වෝනර්ගේ දක්ෂ පිතිහරඹයත්, කුල්දීප් යාදව්ගේ සහ කලීල් අහමඞ්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම එරෙහිව මුම්බායිහිදී අද (10 වැනිදා) පැවැති ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ 19 වැනි තරගයෙන් ලකුණු 44 ක පහසු ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 216 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා කණ්ඩායමට කුල්දීප් යාදව් සහ කලීල් අහමඞ් ප‍්‍රමුඛ දිල්ලි පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 19.4 අවසන් වන විට සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 171 ක් පමණි. එහිදී කුල්දීප් ලකුණු 35 කට කඩුලූ 4 ක් දවාගත් අතර කලීල් ලකුණු 25 කට කඩුලූ 3 ක් බිඳහෙළීය.
කොල්කටා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක ශ්‍රෙයාස් අයියර් පන්දු 33 කින් ලකුණු 54 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. පන්දු 20 කදී හයේ පහර 3 ක් සමග ලකුණු 30 ක් රැස්කිරීමට නිටිෂ් රානා සමත් විය. කෙසේ වුවත් එම ඉනිම් කොල්කටා කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන යෑමට තරම් ප‍්‍රමාණවත් නොවීය.
පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 215 ක් ලබාගත්තේය. එහිදී පි‍්‍රත්වි ෂෝ (51) සහ ඬේවිඞ් වෝනර් (61) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 93 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් දිල්ලි කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.
පන්දු 29 කදී වාර්තා වූ ෂෝගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 7 කින්ද, පන්දු 45 කදී වාර්තා වූ වෝනර්ගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින්ද සමන්විත විය. නායක රිෂාබ් පාන්ට් පන්දු 14 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 27 ක් ලබා ගත්තේය.
අක්සර් පටේල් පන්දු 14 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 22 ක්ද, ශර්දුල් ඨාකුර් පන්දු 11 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 29 ක්ද රැුස්කරමින් දිල්ලි ඉනිමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ.
දිල්ලි කණ්ඩායම මින් පෙර සහභාගි වූ තරග සඳහා කී‍්‍රඩා කළ දකුණු අපි‍්‍රකානු වේග පන්දු යවන කී‍්‍රඩක ඇන්රික් නොකියාට මෙම තරගයේදී කණ්ඩායමේ ස්ථානයක් අහිමිවූ ඇති අතර ඔහු වෙනුවට ඉන්දීය වේග පන්දු යවන කී‍්‍රඩක කලීල් අහමඞ් කණ්ඩායමට කැඳවා සිටියේය.
දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී 215
(පි‍්‍රත්වි ෂෝ 51, ඬේවිඞ් වෝනර් 61, රිෂාබ් පාන්ට් 27, අක්සර් පටේල් නොදැවී 22, ශර්දුල් ඨාකුර් නොදැවී 29, සුනිල් නරේන් 21/2)
කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 19.4 කදී සියලූ දෙනා දැවී 171
(වෙන්කටේෂ් අයියර් 18, ශ්‍රෙයාස් අයියර් 54, නිටිෂ් රානා 30, ඔන්ඩි‍්‍ර රසල් 24, සෑම් බිලන්ස් 15, කුල්දීප් යාදව් 35/4, කලීල් අහමඞ් 25/3, ශර්දුල් ඨාකුර් 30/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.