Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නිලධාරීන් අතර ආරවුල් අවසන් නොවන්නේ නම් පාපන්දු සම්මේලනය සම්බන්ධයෙන් තමන්ට යළිත් දැඩි තීරණයක් ගැනීමට සිදුවන බව ඊයේ (31) පැවති එහි විධායක සභා රැස්වීමට පැමිණි ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය.
එහිදී ඇමැතිවරයා පාපන්දු විධායක සභාවට අවසන් නිවේදනයක්ද නිකුත් කර සිටි බවත් වාර්තාවේ.
පාපන්දු නිවසේ පෙරේදා පස්වරුවේදී පැවැති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක සභා රැස්වීමට ක‍්‍රීඩා ඇමැතිවරයා පැමිණ අසුන් ගන්නා විට නිලධාරීන් කීපදෙනෙකු අතර එම අවස්ථාවේදීත් දැඩි ලෙස බහින්බස්වීමක් සිදුවෙමින් පැවැති බවද වාර්තාවේ.
එහිදී විධායක සභාව සංසුන් කරමින් ඇමැතිවරයා දැඩි ලෙස අදහස් දක්වා තිබේ. එම අවස්ථාවේදී පාපන්දු සම්මේලනයේ ඉහළ කමිටුවක සභාපතිවරයෙකු හා පාපන්දු සම්මේලනයේ උප සභාපතිවරයෙකු ඇමැතිවරයාගේ දැඩි දෝෂාරෝපනයට ලක්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකට පිළිතුරු දුන් ඇමතිවරයා මෙසේ පැවැසීය.
”පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාගේ ඇරයුමින් මම එම ස්ථානයට යනකොටත් නිලධාරීන් කට්ටියක් රණ්ඩු කර ගන්නවා. මම කිව්වා මේ වැඬේ මෙහෙම කරන්න දෙන්න බෑ. දැන් රණ්ඩු වුණා ඇති වැඩ කරන්න කියලා”
”තවත් මෙහෙම වෙන්න දෙන්න බෑ. මම ඔවුන්ට අවසන් නිවේදනයක් නිකුත් කළා. වැඩ කරන්න සූදානම් නැති අය අයින් වෙන්න කියලා සමහරු හිටපු නිලධාරීන්ගේ න්‍යාය පත‍්‍රවලට වැඩ කරන්න යන හින්දා තමයි මෙහෙම වෙලා තිබෙන්නේ”
”මේ විදියට කකුලෙන් අදින නිලධාරීන් ඉන්නකන් ශ්‍රී ලංකාව මාලදිවයිනට ගෝල දහයේ ගණන්වලින් පරදින එක වලක්වන්නත් බෑ. ඒ නිසා මම කියන්නෙ දැන් පත්වෙලා ඉන්න අළුත් සභාපතිවරයාට වැඩ කරගෙන යන්න ඉඩ දෙන්න. එයා හොඳ නැතිනම් ඊළඟ නිලවරණයේදී එයාව අයින් කරන්න කියලා මම පාපන්දු විධායක සභාවට කිව්වා” යයිද ක‍්‍රීඩා ඇමතිවරයා පැවසීය.
පාපන්දු සම්මේලනයේ විධායක සභාවේ ක‍්‍රීඩා ඇමැතිවරයා අසුන් ගැනීම පිළිබඳව ලංකාදීපය කළ විමසුමකදී අදහස් දැක්වූ ක‍්‍රීඩා ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් හර්ෂ ඞී. අබේකෝන් මහතා පැවසුවේ ඇමැතිවරයාගේ විෂය පථයට අනුව රටේ ඕනෑම ජාතික ක‍්‍රීඩා සංගමයක විධායක සභාවක් වෙත ගොස් ක‍්‍රීඩා විෂය පිළිබඳව සාකච්ඡ කිරීමට ඇමැතිවරයාට බලතල හිමිව තිබෙන බවය.
පාපන්දු සම්මේලනයේ වත්මන් විධායක සභාව නිලධාරීන් 29 දෙනෙකුගෙන් සමන්විත වන අතර ආරංචි මාර්ග සඳහන් කරන්නේ එහි පිරිසක් වෙනත් පාර්ශ්වයක් ලෙස කටයුතු කිරීමට උත්සාහ කරන බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.