Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන එකම විස්සයි-20 තරගය සඳහාත්, එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත තරගාවලිය සඳහාත් නම්කරන ලද 19 දෙනකුගෙන් සමන්විත කොදෙව් සංචිතයෙන් ප‍්‍රවීණ පිතිකරු කි‍්‍රස් ගේල් හැළී ගොස් තිබේ. එසේ වුවත් ආබාධයකට ලක්ව සිටි නායක කිරන් පොලාර්ඞ් නැවතත් කොදෙව් පිල හා එක්වනු ඇත.
මේ වන විට 42 හැවිරිදි වියේ පසුවන කි‍්‍රස් ගේල්ට තමන්ගේ උපන්බිම වන ජැමෙයිකාවේ සබීනා පිටියේදී සිය සමුගැනීමේ තරගය කී‍්‍රඩා කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි බොහෝ දෙනා අපේක්‍ෂා කළහ. එහෙත් ජැමෙයිකානු රජය නිවේදනය කළේ කොරෝනා වසංගතය හේතුවෙන් තරග නැරඹීමේ අවස්ථාව කි‍්‍රඩා ලෝලීන්ට දිය නොහැකි බවයි.
මේ මස 8 වැනිදා සිට 16 වැනිදා දක්වා කොදෙව් පිල සහ අයර්ලන්තය අතර තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියක් සහ විස්සයි-20 තරගයක් පැවැත්වේ. ඉන් අනතුරුව එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියක් සඳහා කොදෙව් පිල බාර්බඩෝස් බලා යනු ඇත.
කොදෙව් - එංගලන්ත තරගාවලිය ජනවාරි 22 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වේ.
පසුගිය විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී පාදයේ කලව පිටපස මස්පිඬුවක් ඉරී යාම නිසා පිටියෙන් ඉවත් වූ 34 හැවිරිදි කිරන් පොලාර්ඞ් නැවතත් කොදෙව් පිල සමග එක්වනු ඇත.
කොදෙව් විස්සයි-20 සංචිතය
කිරන් පොලාර්ඞ් (නායක), නිකලස් පූරන්, ෆේබියන් ඇලන්, ඩැරන් බ‍්‍රාවෝ, රොස්ටන් චේස්, ෂෙල්ඩන් කොට්රල්, ඩොමිනික් ඩ්‍රේක්ස්, ෂායි හෝප්, අකීල් හොසේන්, ජේසන් හෝල්ඩර්, බ්‍රෙන්ඩන් කිං, කයිල් මේයර්ස්, රෝමන් පවෙල්, රොමාරියෝ ෂෙපර්ඞ්, ඕඩියන් ස්මිත් සහ හේඞ්න් වොල්ෂ්
කොරෝනා ආදේශක කී‍්‍රඩකයෝ
ජේඞ්න් සීල්ස්, අල්සාරි ජෝෂප් සහ ඩෙවොන් තෝමස්
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.