.jpg)
දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ අටවැනි දිනය වූ ඊයේ (26) ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවෝ විස්සයි20 කාන්තා ක‍්‍රිකට් ලෝකඩ පදක්කම දිනා ගනිමින් වසර 8 ක පසුව ශ‍්‍රී ලංකාවට ආසියානු ක‍්‍රීඩා උළෙලක පදක්කමක් ගෙන ඒමට සමත් වූහ.
ඉංචියොන් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ඊයේ පෙරවරුවේ පැවැති ලෝකඩ පදක්කම සදහා තරගයේදී ශ‍්‍රී ලංකා කාන්තා කි‍්‍රකට් පිල විසින් කඩුලූ 5 කින් චීන පිල පරාජය කරන ලදි.
ශ‍්‍රී ලංකා අවසන් වරට 2006 වසරේ දෝහා කටාර්හිදී පැවැති XV වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේදී මලල ක‍්‍රීඩා ඉසව්වලින් පදක්මක් දිනා ගත්තේය. 2010 වසරේ ඉන්දියාවේදී පැවැති XVI වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේදී ශ‍්‍රී ලංකාවට පදක්කම් දිනා ගැනීමට නොහැකි විය.
ශ‍්‍රී ලංකාව මෙම පදක්කම දිනා ගැනීමෙන් පසුව මෙම තරගාවලියට සහභාගි වී සිටින රටවල් 45 න් පදක්කම් දිනූ 25 වැනි රට බවට පත්වූ අතර ඊයේ පස්වරුව වන විට පදක්කම් සටහනේ 26 වැනි ස්ථානයේ පසුවිය.
පාකිස්තානය කාන්තා ක‍්‍රිකට් තරගවලියේ රන් පදක්කමද, බංග්ලාදේශය රිදී පදක්කමද දිනා ගත්හ.
රන් පදක්කම සදහා ඊයේ පස්වරුවේ පැවැති අවසන් මහ තරගයේදී පාකිස්තානය (97/6) ලකුණු 4 කින් (ඩක්වත් ලූවිස් න්‍යායට) බංග්ලාදේශය (38/9) පරාජය කළේය. වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවීමෙන් බංග්ලාදේශ පිලට ජයග‍්‍රහණය සදහා ඕවර 7 කදී ලකුණු 43 ක් රැස් කිරීමට සිදුවිය.
කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලි රැසකට සහභාගි වී ඇති ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම මෙහිදී චීනයට එරෙහිව ලකුණු 66 රැස්කිරීමට කඩුලූ 5 ක් පුද කරමින් ඕවර 17.1 ක් වැය කළේය.
මෙම තරගයේදී ද ශ‍්‍රී ලංකා පිතිකාරියන් අවශ්‍යතාව අනුව පන්දුවට පහර නොදුන් අතර කඩුලූ විසිකිරීම නැවතත් දැකිය හැකි විය. පළමු කඩුල්ල ලෙස ලසන්ති මධුෂානි ලකුණු රැස්කිරීමට පෙර ස්ටම්ප් කිරීමකට හසු වූවාය.
නායිකා චමරි අතපත්තු පන්දු 23 කදී අලංකාර හතරේ පහර 3 ක් සමගින් ලකුණු 16 ක් ලබා සිටියදී දැවී ගියාය. ශ‍්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩිකාවන්නට තරගයක් අවසන් කිරීමේ මානසිකත්වය නොමැති බව මෙහිදී පෙනී ගියේය. චීන ක‍්‍රීඩිකාවන් එතැන් සිට තරගයේ පාලනය සියතට ගැනීමට උත්සහ කළ ද ශෂිකලා සිරිවර්ධන සහ ඩිලානි මනෝදර තම කණ්ඩායම ජයග‍්‍රහණය ආසන්නයට ගෙන ඒමට සමත් වූහ.
චීන පිල කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර එහිදී කඩුලූ ආරක්‍ෂාකර ගනිමින් පන්දුවට පහර දුන් ආකාරය දැකගත හැකිවිය.
ඉනෝකා රණවීර දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ඇය යැවූ ඉනිමේ 18 වැනි ඕවරයේ තෙවැනි සහ සිවුවැනි පන්දුවට පිට පිටම කඩුලූ දෙකක් දවාගත්තද පස්වැනි පන්දුවේදී මිඞ් ඕෆ් ස්ථානයේ පන්දු රකිමින් සිටි මධුරි සමුදිකාට ලැබුණු පහසු උඩ පන්දුව බිම දැමීමෙන් ඉනෝකා රණවීරට කඩුලූ ත‍්‍රිත්ව අහිමි විය.
චීනය රැස්කළ ලකුණු 65 න් ලකුණු 18 ක් අතිරේක ලකුණු වන අතර ශ‍්‍රී ලංකා පිලේ පන්දු රැකීම ඉතාමත් පහත් මට්ටමක පැවතුණි.
ශ‍්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ජයග‍්‍රහණයෙන් පසුව පැවසුවේ ලෝකඩ පදක්කම දිනා ගැනීම පිළිබදව සතුටු වන අතරම රන් හෝ රිදී පදක්කම දිනා ගැනීමට නොහැකි වීම පිළිබදව කණගාටු වන බවයි.
”ලෝකඩ පදක්ම හෝ ලංකාවට ගෙන යෑමට ලැබීම ගැන සතුටු වෙනවා. අපේ දස්කම් පිළිබදව සතුටු වෙන්න බෑ. ඉදිරි තරගාවලි වලට මුහුණ දීමට නම් අපි ඉතාමත් ඉක්මනට වැරදි නිවැරදි කරගත යුතුයි” යැයි අතපත්තු වැඩි දුරටත් පැවසුවාය.
ශ‍්‍රී ලංකා පිලේ පුහුණුකරු ජීවන්ත කුලතුංග මහතා පැවසුවේ ඕනෑම ජයග‍්‍රහණයක් පිළිබදව තමන් සතුටු වන බවත් මෙහිදී කණ්ඩායමේ ක‍්‍රීඩා විලාශය පිළිබදව දැඩි අසතුටට පත්ව සිටින බවයි.
”අපේ පන්දු රැකීම ඉතාමත් පහළ මට්ටමක තිබුණේ. මෙහි ලොකු වෙනසක් වෙන්න ඕනේ. ක‍්‍රීඩිකාවන් තනි තනිව තමන්ගේ දස්කම් පිළිබදවත් අවධානය යොමුකර යුතු කාලය දැන් අවිත් තියෙනවා” යැයි කුලතුංග මහතා වැඩි දුරටත් පැවසීය.
ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම අද (27) පෙවරුවේ නැවත ශ‍්‍රී ලංකාව බලා පිටත්ව ඒමට නියමිතව තිබුණි.
ක‍්‍රීඩා උළෙලේ නවවැනි දිනය වන අද බොක්සිං ක‍්‍රීඩිකා එරන්දි ගිම්හානි ද සිල්වා කිලෝග‍්‍රෑම් 51 බර පංතියේ තරගයට පස්වරු 2.00 ට හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.30 ට ද, බොක්සිං ක‍්‍රීඩක දිලංක සුරේෂ් කිලෝග‍්‍රෑම් 52 බර පංතියේ තරගයට පස්වරු 7.00 ට හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ට ද සහභාගි වීමට නියමිතව තිබුණි.
චිනය රන් පදක්කම් 84 ක් සමගින් පෙරමුණේ පසු වෙයි. සත්කාරක දකුණු කොරියාව රන් පදක්කම් 30 ක් සමගින් ලබා දෙවැනි ස්ානයේ ද, ජපානය රන් පදක්කම් 28 ක් සමගින් තෙවැනි ස්ථානයේ ද සිටිති.
ලෝකඩ පදක්කම සඳහා පැවැති තරගය
චීන කාන්තා ක‍්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 65
(යූ මිය ඕ 26, මධුරි සමුදිකා 5/2, ඉනෝකා රණවීර 18/2)
ශ‍්‍රී ලංකා කාන්තා පිල ඕවර 17.1 කදී කඩුලූ 5 ට 66
(චමරි අතපත්තු 16, ශෂිකලා සිරිවර්ධන 12. ඩිලානි මනෝදර 12)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.