Last Update  :  2024-05-09 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කාගිල්ස් එෆ්.ඒ. කුසලාන යුද හමුදාවට

කාගිල්ස් එෆ්.ඒ. කුසලාන යුද හමුදාවට

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

ශ්‍රී ලංකා යුද හමුදා පාපන්දු කණ්ඩායම පිට පිටම දෙවන වරටත් කාගිල්ස් එෆ්.ඒ. කුසලාන දිනාගත්තේය. 

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ අද පැවැති (20) එෆ්.ඒ. කුසලාන අවසන් තරගයේදී පෙරළිකාර ජාවාලේන් කණ්ඩායම ගෝල 5-1   කින් පරාජය කරමින් යුද හමුදා කණ්ඩායම එම ශූරතාව දිනාගැනීමට සමත්විය. 

ශ්‍රී ලංකා යුද හමුදාව එෆ්.ඒ. කුසලාන දිනාගත් 5 වැනි අවස්ථාව මෙය වන අතර, මීට පෙර 1961, 2011, 2013 සහ 2016 යන වසරවලදී එම කුසලාන දිනාගැනීමට සමත්වී ඇත. අනුශූරයින් වූ ජාවාලේන් කණ්ඩායම වසර 49ක ඔවුන්ගේ පාපන්දු ඉතිහාසයේ එෆ්.ඒ. කුසලාන අවසන් තරගයකට සහභාගී වූ ප්‍රථම අවස්ථාව මෙන්ම අනුශූරතාවක් දිනාගත් ප්‍රථම අවස්ථාවද මෙය විය. 

විශාල ප්‍රේක්ෂක පිරිසක් මධ්‍යයේ පැවැති යුද හමුදා - ජාවාලේන් අවසන් තරගය තියුණු මුහුණුවරක් ගනු ඇතැයි නරඹන්නන් බලාපොරොත්තු වුවද එම බලාපොරොත්තු සුන් කරමින් යුද හමුදා කණ්ඩායම ජයග්‍රාහී තරග විලාසයක් පෙන්නුම් කළ අතර, පළමු භාගය අවසන් වන විට යුද හමුදා කණ්ඩායම ගෝල 2-0 ක් ලෙස ඉදිරියෙන් සිටියේය. 

යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් මොහොමඞ් ඉසඩීන් ගෝල 2ක්ද (12 සහ 80 මිනිත්තුවලදී), එම්.ඒ.ඒ. රහුමාන් ගෝල 2ක්ද (44 සහ 50 මිනිත්තුවලදී) වාර්තාකළ අතර සුජිත් කුමාර 57වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළේය.
අනුශූර ජාවාලේන් කණ්ඩායම වෙනුවෙන් එකම ගෝලය වාර්තා කරන ලද්දේ ජූඞ් නිකලස් විසිනි. එම ගෝලය තරගයේ 92 වන මිනිත්තුවේදී වාර්තා විය.

මෙම තරගාවලියේදී ගෝල 9ක් වාර්තා කළ යුද හමුදා කණ්ඩායමේ මොහොමඞ් ඉසඩීන් රන් පාවහන් සම්මානයෙන්ද, එම කණ්ඩායමේ නායක සහ දැල් රකින්නා වන ඩබ්ලිව්.එන්.කේ. සිරිසේන දක්ෂතම ක්‍රීඩකයා ලෙසත් සම්මාන ලැබූහ. 


අදහස් (0)

කාගිල්ස් එෆ්.ඒ. කුසලාන යුද හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.